ධර්මසිරිගේ කුඩු විකුණූ යුවල මාට්ටු

347

ඩුබායි රටේ සැඟව සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන රත්මලානේ ධර්මසිරි නැමැත්තාගේ මත්කුඩු විකුණූ අඹු සැමි යුවලක් රුපියල් ලක්ෂ 6 කට අධික වටිනා හොරොයින් තොගයක් සහ රුපියල් ලක්ෂයකට අධික මුදල් සමඟ පෙරේදා (24) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි
සැකකාර අඹුසැමි යුවළ සමඟ මත්කුඩු ග්‍රෑම් තිහක් හා මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් එක් ලක්ෂ 5000ක මුදලක් පොලිස් බාරයට ගෙන ඇත.

නිරෝධායන ඇඳිරි නීතියද කඩකරමින් පුද්ගලයකු හොරෙයින් මත්කුඩු රැගෙන මාකන්දන සුදර්ශන මාවත පැමිණ සිටින බවට කැස්බෑව පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද පරීක්ෂාවේ දී ඔහු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් දහයක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි

පිළියන්දල කොළමුන්න කුලී නිවසක බිරිඳ සමඟ සිටින බවට සැකකරුගෙන් හෙළිවූ තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව එම නිවස පරික්ෂා කිරීමේදී නිවසේ වහලයේ සඟවා තිබූ තවත් මත්කුඩු ග්‍රෑම් 20ක් හා ජාවාරමෙන් උපයා ගත් බව කියන මුදල් රුපියල් එක් ලක්ෂ පන්දහසක මුදලක් ද සොයා ගැනීමට හැකි වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment