ධානිශ් ඇප ලබයි

172


රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිශ් අලී නැමැත්තා රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (15) නියෝග කළේය.

රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළව පොදු දේපල දේපළ පනත ප්‍රකාරව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවන බවට සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා සැකකරු එලෙස ඇප මත මුදා හැරියේය.

advertistmentadvertistment
advertistmentadvertistment