ධානිෂ් අලී ඇතුළු 4 දෙනෙක් රිමාන්ඩ්

75

අයුතු ජනරාශියක නිරත වෙමින් කොටුව පොලිස් වසමේ පිහිටි මුදල් අමාත්‍යාංශයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන දොරටු අවහිර කරමින් මහජන පීඩාවන් සිදු කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබු ධානිෂ් අලී නමැත්තා ඇතුළු සැකකරුවන් 4 දෙනකු ලබන 26 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (12 දා) නියෝග කළේය.

එම සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බවත් තවත් සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පවසමින් කොටුව පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා එම නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment