ධානිස් අලි ඇතුළු අරගලයේ 21 කට රටින් පිටවීම තහනම්

161

විදේශගතවීමට උත්සහ දරමින් සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ධානිස් අලි ඇතුළු අරගල ක්‍රියාකාරීන් 21 දෙනකුට විදේශගතවීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28 දා) පස්වරුවේ තහනම් නියෝගයක් නිකුත් කළේය.

එම තහනම් නියෝගය වහාම ගුවන්තොටුපළ බලධාරීන් වෙත යැවීමට පියවර ගන්නා ලෙස ද අධිකරණ ලේඛකාධිකාරියට මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය. කොටුව ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට හා අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුල්වී පොදු දේපළවලට අලාභහානි කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට එකී පුද්ගලයන් විදේශගත වීමෙන් බාධාවක් විය හැකි බව පෙන්වා දෙමින් කොටුව පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment