කිළිනොච්චියට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කිළිනොච්චියේ පාසල් කිහිපයක් ජලයෙන් යටවීම නිසා 24 දා සිසුන් විශාල ප්‍රමාණයක් දැඩි ලෙස අපහසුතාවට ලක්ව සිටියහ.
ඇතැම් පාසල් පවත්වා ගෙන යෑමට අපහසු වූ නිසා මධ්‍යාහනයේදී එම පාසල්වල අධ්‍යයන කටයුතු හමාර කොට සිසුන් නිවෙස්වලට යැවීමට පාසල් බලධාරින්ට සිදුව තිබුණි. කිළිනොච්චියේ ශිවපුරම් විද්‍යාලය වේලාසනින් හමාර වීමෙන් පසුව ගුරුවරුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැසි ජලය මැදින් සිය නිවෙස් වෙත යෑමට විශාල වෙහෙසක් දරණු ලැබූහ.
දිනසේන රතුගමගේ