ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මතට ගසක අත්තක් කඩාවැටී පැදිකරු මියයයි

536

මාර්ගයේදී ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යතුරුපැදිකරුවෙකු පෙරේදා (24දා) මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බඩල්කුඹුර වෙහෙරගොඩ 05 කණුව අසල පදිංචි ආර්.එම් හේමන්ත සිසිර කුමාර (43) නමැති එක්දරු පියෙකි. හෙතෙම ඉකුත් 22 වෙනිදා සවස බුත්තල නගරයට පැමිණ ආපසු නිවසට යමින් සිටියදී බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර අසලදී මාර්ගයේ කොනක තිබූ දමුණු ගසක අත්තක් යතුරුපැදිය මතට කඩාවැටී ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ පැදිකරු බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර සිටියදී මෙලෙස මියගොස් ඇත.

බුත්තල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment