ධීවරයන් මගින් ඉන්දීය ඩෙල්ටා ප‍්‍රභේදය රටට ඇතුළු වීමේ අවදානමක්

441

සංචරණ සීමා පැනවීම හේතුවෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ පැහැදිලි අඩුවක් පෙනෙන්නට තිබෙන බව කොවිඞ් රෝග පාලන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ස`දහන් කළාය.
 
 එසේ වුවද මෙරට තුළ කොරෝනා ආසාදිතව සිදුවන මරණ සංඛ්‍යාවේ අඩුවක් සිදුවීමට නම් තවත් දෙසතියක පමණ කාලයක් ගතවනු ඇති බව පවසන ඇමැතිවරිය, මේ වන විට මෙරට පැතිර යමින් තිබෙන බි‍්‍රතාන්‍ය කොරෝනා ප‍්‍රභේදය හමුවේ වෛරසය ආසාදනය වී දින දහයක් පමණ ගතවීමෙන් පසුවත් මරණ සිදුවන බවද පැවසුවාය.
 
 මේ වන විට සංචරණ සීමා කි‍්‍රයාත්මක බැවින් තත්ත්වය පාලනයට එය බෙහෙවින් ඉවහල් වූ බව පෙන්වා දෙන ඇමැතිවරිය, සංචරණ සීමා නිසා රටේ ජනතාවට අසීරුතා ඇති බව සත්‍යයක් බවත් දෙයක් කිරීමේදී ගැටලූ පැන  නගින බවත් කියා සිටියාය.
 
 මේ අතර රට තුළ පවතින වත්මන් වසංගත තත්ත්වය පිළිබ`දව අදහස් දක්වන ශී‍්‍ර ලංකා වෛi සංගමයේ සභාපති විශේෂඥ වෛi පද්මා ගුණරත්න මහත්මිය ස`දහන් කරන්නේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ භයානකකම තවමත් ඉවත්වී නොමැති බවය.
 
 රෝහල් පද්ධතියට දරාගත හැකි අන්දමින් යම් පාලනයක් සිදුව තිබුණද මේ වනවිට ජනතාව සමාජයේ ගැවසෙන ආකාරය දෙස බැලූ විට සංචරණ සීමා පනවා රට වසා තිබේද නැද්ද යනුවෙන් සියලූ දෙනාට ගැටලූවක් වී ඇති බවද ඇය පෙන්වා දෙන්නීය.
 
 මේ මොහොතේ සියලූ දෙනාම අවශ්‍ය කැපකිරීම් නොකළහොත් සංචරණ සීමා අවශ්‍ය කාලය තවත් දීර්ඝ විය හැකි බවද ස`දහන් කරන ඇය, පවතින තත්ත්වය හමුවේ රට තුළ නව කොරෝනා ප‍්‍රභේද පැතිරීම වැළැක්වීමට ගත හැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගත යුතුව තිබෙන බවද ස`දහන් කළාය.
 
 එසේම ධීවර ප‍්‍රජාව මගින් ඉන්දියාවේ පැතිර යන මාරාන්තික ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය මෙරටට ඇතුළුවීමේ දැඩි අවදානමක් පවතින බවද ඇය ස`දහන් කරන්නීය.
 
 මේ අතර පවතින කොරෝනා වසංගත තත්ත්වය සම`ග වෛරසය ආසාදනය වීමෙන් ඉකුත් 14 වැනිදා දිනය තුළ මෙරට තවත් කොරෝනා මරණ 55ක් සිදුව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15 වැනිදා* ස`දහන් කර තිබිණි.
 
 එම සංඛ්‍යාවත් සම`ග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 2315 දක්වා ඉහළ ගියේය.
 
 එසේම මේ දක්වා මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වූ මළ සිරුරු 605ක් භූමදානය කර ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ස`දහන් කරයි. මුස්ලිම් ජාතික මළ සිරුරු 572 ක්, හින්දු 14 ක්, කිතුනු 12 ක් සහ බෞද්ධ මළ සිරුරු 7 ක් එසේ භූමදානය කර ඇත.
 
 එසේම කොරෝනා ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 2014 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ ඊයේ දහවල් ප‍්‍රකාශ කළ අතර එම සංඛ්‍යාවත් සම`ග මේ දක්වා මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලද පිරිස ද 192478 දක්වා ඉහළ ගියේය.
 
 අලූත් අවුරුදු කොරෝනා පොකුර හෙවත් මෙරට තුන්වැනි කොරෝනා රැුල්ලෙන් තවත් ආසාදිතයන් 2275ක් අලූතින් හ`දුනාගත් බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය ඊයේ පස්වරු 6.30 වන විට නිවේදනය කළ අතර එම ආසාදිතයන් පිරිසත් සම`ග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණනද 228,152 දක්වා වැඩිවිය.

 සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment