ධීවරයාගේ අමන වෙස් ගැලවිලා!

733

කිරින්ද ගොඩාන හන්දියේ නවාතැන්පළක් අසල මාර්ගයේ රැඳී සිටි එංගලන්ත ජාතික තරුණියකට අතවර කිරීමට තැත් කළ ධීවරයකු කිරින්ද පොලිසිය මගින් (23 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරින්ද පොලිස් වසමේ පදිංචි ධීවරයෙකි.

අතවරයට මුහුණ දුන් විදෙස් කාන්තාව සිය මවුපියන් සමග කිරින්ද ඇතුළු අවට ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අනතුරුව රාත්‍රි නවාතැන් ගැනීම සඳහා කිරින්ද ගොඩාන හංදිය ප්‍රදේශයේ පිහිටි නවාතැන් පළක් අසලට පැමිණ තිබේ. එහිදී තරුණිය මාර්ගය අසල රැඳී සිට ඇති අතර දෙමාපිය දෙදෙනා අදාළ ලැගුම් හලට ගොස් නවාතැන් ගැනීමට හැකිදැයි පරීක්ෂා කර තිබේ. එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි ධීවරයෙකු මාර්ගයේ තනියම රැදී සිටින එංගලන්ත ජාතික තරුණිය දැක එක වරම ඇය අසලට ගොස් බලහත්කාරයෙන් ඇය බදාගෙන සිප වැළදගෙන තිබේ. පසුව එංගලන්ත තරුණිය ඔහු සමග පොර බැදීමේදී අදාළ සැකකාර ධීවරයා තරුණියගෙන් මිදි ඔහු සතුව තිබූ ජංගම දුරකතනයද දමා පළාගොස් තිබේ.

තරුණිය විසින් ඇයට අතවර කිරීමට පැමිණි තරුණයාගේ බිම වැටී තිබී අහුලාගත් ජංගම දුරකතනයද පොලිසිය බාර දී සිද්ධිය පිළිබඳව කිරින්ද පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.ඒ අනුව අදාළ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී එහි වූ ජායාරූප අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කිර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.

මත්තල – දිලීප් එන් ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment