ධීවර ඇමැතිට ප්‍රශංසා; වෙළෙඳ ඇමැති ගැන කනගාටුයි

324

පිටරටින් ගෙනෙන ටින් මාළු සඳහා තීරු බද්ද වැඩි කරන ලෙස දේශීය ටින් මාළු නිෂ්පාදකයන් කළ ඉල්ලීමට ධීවර අමාත්‍යාංශය ලබාදුන් සහයෝගය අනූව දැන් එම තීරුබද්ද වැඩිකර ඇති බව එම නිෂ්පාදකයන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජික ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා පැවසීය.

දේශීය ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමය කළ මෙම ඉල්ලීමට අනූව පිටරට සිට මෙරටට ගෙන එන විදේශීය ටින් මාළු සඳහා කිලෝ එකකට අයකළ රුපියල් සියයක මුදල වෙනුවට රුපියල් දෙසීයක මුදලක් අයකරන බවද කමල් අද්දරආරච්චි මහතා කීවේය.

ධීවර අමාත්‍යාංශය මේ පිළිබඳව ක්‍රියාකරද්දී වෙළෙඳ අමාත්‍යාංශය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ දේශීය ටින් මාළු කර්මාන්තය පිළිබඳ තැකීමක් නොමැතිව බවද හෙතෙම පැවසීය. දේශීය ටින් මාළු කර්මාන්තය දියුණු කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය ක්‍රියාශීලී විය යුතු බවද කමල් අද්දරආරච්චි මහතා කීවේය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment