ධීවර කර්මාන්තය වට්ටලා පෝෂණයටත් පහර ගහලා – පුබුදු ජයගොඩ

56

ධීවරයන්ට ඉන්ධන සහනාධාරයක් නොදී ධීවර කර්මාන්තය කඩා වට්ටා ඇති ආණ්ඩුව අඩු මිලට පෝෂ්‍යදායී මාළු කෑල්ලක් කෑමට ජනතාවට ඇති අයිතිය ද උදුරා ගෙන ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

ධීවර ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳ අදහස් දැක්වීමට පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ධීවරයින්ට ඉන්ධන සහනාධාරය දුන්නේ නම් වර්තමාන මිලට වඩා අඩු මිලකට ජනතාවට මාළු මිලදී ගැනීමට හැකියාව ලැබෙන බව ද ඔහු කීවේය. හෙතෙම මෙසේද පැවසීය.

කුඩා ධීවර යාත්‍රා විසිහයදහස් දෙසීයක් ලියාපදිංචි වෙලා තියෙනවා. මෙතන සෘජු රැකියා ලක්ෂයක් සහ වක්‍ර රැකියා ලක්ෂ තුනක් තිබෙනවා. ඉන්ධන සහනයක් නොදීම නිසා මේ හැමෝගෙම රැකියාව දැන් අවදානමේ. ලීටර් විස්සක් වදින මේ කුඩා යාත්‍රාවක් මුහුදු යන්න කලින් භූමිතෙල් සහ ලිහිසි තෙල් වෙනුවෙන් රුපියල් දහදාහක වියදමක් දරන්න වෙලා.

මෙතරම් වියදමක් දරලා මාළු විකුණන්නේ කීයටද. ඒ නිසා වහාම රජය ධීවරයන්ට ඉන්ධන සහනයක් දිය යුතුයි. ධීවරයන්ගේ අරගලයට අපි පූර්ණ සහාය දෙනවා. ධීවරයාටත්, ගොවියාටත් අරගල කරනවා ඇරෙන්න අද වෙන විකල්පයක් නෑ.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment