ධීවර සංස්ථාවේ EPF- ETF රු. කෝටි 62ක් හිරවෙලා !

97

දීමනා ඉල්ලා සේවකයෝ අද උද්ඝෝෂණයේ

ලංකා ධීවර සංස්ථාවේ සේවකයන්ගේ වැටුපෙන් කපාගත් හා ආයතනයෙන් ගෙවිය යුතු ඊපීඑෆ් සහ ඊටීඑෆ් මුදල් රුපියල් කෝටි 62 ක් අදාළ අරමුදලට බැර කිරීම පැහැර හැර ඇත.

මීට අමතරව විශ්‍රාම ගිය හා දැනට විශ්‍රාම ගනිමින් සිටින සේවකයන්ගේ පාරිතෝෂික දීමනා ගෙවීමද ඒ ආකාරයෙන් පැහැර හැර ඇතැයි ලංකා ධීවර සංස්ථා වෘත්තීය සමිති එකමුතුව කියා සිටී.

හිඟ වැටුප්, එකවර මාසික වැටුප හා වෛද්‍ය නිවාඩු දීමනා ඇතුළු අදාළ ගෙවීම් කරන ලෙස ඉල්ලමින් ධීවර සංස්ථා සේවකයෝ මෝදර ආයතන පරිශ්‍රය ඉදිරිපිට අද (23 දා) දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට සංවිධානය කර ඇත.

වරින් වර බලයට පත්වූ ආණ්ඩුවල පරිපාලන දුර්වලතා නිසා ලංකා ධීවර සංස්ථාව මේ ආකාරයට පාඩු ලබන ආයතනයක් බවට පත් වු බවද හිටපු ප්‍රධානීන්ගේ දුර්වලතා මත සේවක අයිතීන් පැහැර ගැනීමට ඉඩ නොදෙන බවද සේවකයෝ කියා සිටිති.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment