ධුරයෙන් සමුගැනීමට පෙර බැෂලේගෙන් හමුදාවට චෝදනා පත්‍රයක්

204

මානව හිමිකම් කොමසාරිස් ධුරයෙන් ඉවත්ව යෑමට පෙර මිචෙලි බැෂලේ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 58ක් ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුකර ඇත.

මේ අනුව ශවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න, චාගි ගාල්ලගේ, ජගත් ඩයස්, ජගත් ජයසූරිය ඇතුළු නිලධාරීන් පිළිබඳව ජාත්‍යන්තර අධිකරණය පරීක්‍ෂා කළ යුතු බව ඇය එම අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඇගේ ඉල්ලීම සමගම සී. විග්නේශ්වරන්, මාවයි සේනාධිරාජා, සී. සිද්ධාර්ථන් හා සෙල්වම් අඩෙයිකලනාදන් ඇතුළු ද්‍රවිඩ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සංදේශයක් යවමින් මානව හිමිකම් කොමසාරිස්වරියගේ ඉල්ලීම අනුමත කර ඇත.

මානව හිමිකම් කොමසාරිස්වරියගේ එම ඉල්ලීමට ශ්‍රී ලංකා රජය එකඟ වී නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment