නංගීට ඉංගී‍්‍රසි ලියන්න බැහැ… ඉෂාලිනීගේ අයියා කියයි

357

තම සහෝදරිය අවිස්සාවේල්ල පුවක්පිටිය දමිල මහා විද්‍යාලයේ 07 වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබු බවත්,තමන් දන්නා තරමින් ඇයට ඉංග‍්‍රිසි භාෂාව ලිවීමට හැකියාවක් නොමැති බව මියගිය ඉෂාලිනිගේ සහෝදරයා වන තිරුප‍්‍රසාද් පැවසීය.

 දිවයින කළ විමසුමකට පිළිතුරු දෙමින් තිරුප‍්‍රසාද් කියා සිටියේ තම නැගණිය රැු`දී සිටි කාමරයේ ඉංග‍්‍රිසි භාෂාවෙන් මරණයට හේතුව යනුවෙන් ලියා තිබිම සම්බන්ධව තමන් කිසිවක් නොදන්නා බවයි.

 තමන් දන්නා පරිදි යමක් බලාගෙන ලිවිමට හැකියාවක් නැගණියට තිබුණද ඉංග‍්‍රිසි අකුරු ගළපා යමක් ලිවීමට තරම් අධ්‍යාපන මට්ටමක් ඇයට නොතිබුණු බවද තිරුප‍්‍රසාද් වැඩිදුරටත් සඳහන් කළේය.


 නුවරඑළිය -නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment