නංගීව බලෙන් රැගෙන යන්න ආ කෝටිපතියාව අයියා මරයි

3902


විසි එක් හැවිරිදි අවිවාහක තරුණියක බලහත්කාරයෙන් රැුගෙන යාමට කොළඹ සිට අනුරාධපුර ගල් කඩවලට පැමිණි කෝටිපති ව්‍යාපාරිකයකුට තරුණියගේ සහෝදරයා සිදු කළ පහර දීමකින් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත. ප‍්‍රහාරය එල්ල කළ තරුණියගේ සහෝදරයා ඇලයාපත්තුව පොලීසිය මගින් ඊයේ රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක්වි ඇත්තේ සිය පෙම්වතියට උපන්දිනය පැවති දිනයේ රුපියල් කෝටි දෙකක බෙන්ස් වර්ගයේ අධි සුඛෝපභෝගි මෝටර් රථයක් ලබාදීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පසුගිය සමයේ ප‍්‍රසිද්ධියට පත්වූ නාවින්න හා කොළඹ පිහිටි ප‍්‍රසිද්ධ සැලූ‍න් ආයතන දෙකක් පවත්වා ගෙන ගිය මල්ලව ආරච්චිගේ පැතුම් නැමැති 38 හැවිරිදි පුද්ගලයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment