නගරාධිපතිවරයා මට සහ මගේ සේවකයන්ට මරණ තර්ජන කරනවා: පොලිසියට පැමිණිලි කළත් කිසිම සහනයක් නෑ!

346

හම්බන්තොට ලුණු ලේවායේ අවුල

‘‘හම්බන්තොට නගරාධිපතිවරයාගේ මැරයන් යොදවා ලේවායේ වාහනයකට පහරදීමක් සිදුකළා. මට වගේම මගේ සේවකයන්ටත් ප‍්‍රසිද්ධියේ මරණ තර්ජනය කරමින් තිබෙනවා. හම්බන්තොට මූලස්ථාන පොලිසියට පැමිණිලි කිහිපයක්ම සිදුකළා. මේ වන තුරුත් එම පැමිණිළිවලට අදාළව නීතිය ක‍්‍රියාත්මක වී නෑ. මා ඇතුළු මගේ සේවකයන්ගේ ජීවිත දැඩි අනාරක්ෂිතයි. මාව මරණවාමයි කියලා තර්ජනය කර ඇති අවස්ථාවක මට හා මගේ නිලධාරීන්ට නිසි ආරක්ෂාවක් දෙන්නැයි කියා පොලිසියෙන් ඉල්ලීමක් කළත් මෙතෙක් කිසිම ආරක්ෂිත වැඩපිළිවෙලක් සිදුව නෑ’’ යැයි හම්බන්තොට ලුණු සමාගමේ සභාපති නිශාන්ත සදභරණ මහතා අප කළ විමසීමකදී පෙරේදා (12 දා) පැවසීය.

එහිදි වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

නගරාධිපතිවරයා මට සහ මගේ සේවකයන්ට මරණ තර්ජන කරනවා: පොලිසියට පැමිණිලි කළත් කිසිම සහනයක් නෑ!
විරෝධතා කරුවන්ට විවේක ගැනීමට ගෙනත් ඇති සැප රිය

පසුගියදා ලේවායේ වාහනයකට හම්බන්තොට නගරාධිපතිවරයාගේ මැර පිරිසක් විසින් යකඩ පොලු අරන් ඇවිත් පහර දී මගේ සේවකයන් මරන්න හදද්දී ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කර තියෙද්දීත් මේ වන තුරුත් පොලිසිය ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වී නෑ. නගරාධිපතිවරයාගේ මැර පිරිස් පැමිණ කළහකාරී ලෙස හැසිරෙද්දී පවා පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. නමුත් මේ වන තුරුත් කිසිදු දෙයක් සිදු නොවුණ ගානට පොලිසිය ඉන්නවා. පොලිස්පතිවරයාටත් ලිඛිතව පැමිණිළි කළා. විමර්ශනයක් කරන ලෙස දැනුම් දී ඇති බව දැනගන්න තිබුණත් තවමත් චූදිතයන් නිදැල්ලේ ඉන්නවා.

නගරාධිපතිවරයා මට සහ මගේ සේවකයන්ට මරණ තර්ජන කරනවා: පොලිසියට පැමිණිලි කළත් කිසිම සහනයක් නෑ!

හම්බන්තොට ලුණු සමාගමේ සභාපති නිශාන්ත සදභරණ විරෝධතාවයේ නිරත වන අට්ටාලය

අද වෙනකොට අපි කරපු පැමිණිල්ලට වෙච්ච දෙයක් නෑ. සැමට නීතිය සමාන විය යුතු නමුත් පොලිසිය මේ අයට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්නේ නෑ. පොලිසිය ක‍්‍රියාත්මක නොවුණට අපි මේ වනවිට ලේවායේ දේපළවලට හානි කිරීම හා අපේ කීර්ති නාමයට හානි කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට එරෙහිව සිවිල් නඩු පැවරීමට අදාළ එන්තරවාසි මේ වනවිටත් යවා තිබෙනවා.

නගරාධිපතිවරයා ඇතුළු පිරිස ලේවාය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් කියලා එකක් කරගෙන යනවා. හැබැයි පැත්තකින් සීතල කාමරයක් සහිත වාහනයකුත් ගෙනත් තියෙනවා කට්ටියට විවේක ගන්න. මොන උපවාස කළත් මට අහන්න තියෙන්නේ නගරාධිපතිවරයාට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද කියලා විතරයි. මොකද තමන්ගේ ආයතනයේ වැඩ ටික කරගෙන ඉන්නේ නැතිව ඒකේ කරන්න තියෙන වැඩ කටයුතු ඔක්කොම පැත්තකට දමලා මේ මොන අරමුණක් වෙනුවෙන්ද මේ විදියට අනුන්ගේ ආයතනයක් ඉස්සරහට ඇවිත් උපවාස කරන්නේ කියලායි.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment