නගර අලංකරණයට යොදවන කෝටි 200 ජන ජීවිත නගාසිටුවන්න යොදන්න – විපක්ෂ නායක සජිත් රජයට කියයි

388

නගර සියයක් එකවර අලංකරණය කිරීම සඳහා ආණ්ඩුව රුපියල් කෝටි දෙසීයක් මේ මොහොතේ වැය නොකර දෙවසරක් තිස්සේ රටේ බරපතළ ලෙස කඩා වැටී ඇති කෝටි දෙකක ජන ජීවිතවලට විසඳුම් ලබාදී ඔවුන්ගේ ජීවිත අලංකරණය කිරීමට අවධානය යොමු කරන ලෙස විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර සිටියි.
 
 එම නිවේදනය මෙසේය.
 
 නගර සියයක් එකවර අලංකරණය කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමට ආණ්ඩුව සැරසෙයි. ඒ සඳහා රුපියල් කෝටි 200 ක් මිලියන 2000 අතිරේක ප‍්‍රතිපාදන මුදලක් වෙන් කෙරෙනු ඇති බව ද පැවසේ. මේ රට සුන්දර විය යුතු බවත් ඒ පිළිබඳව කිසිදු ගැටලූවක් නැති බවත් පළමුකොට සඳහන් කරමි. එහෙත්, මේ ව්‍යසනකාරී මොහොතේ කළ යුත්තේ නගර අලංකරණය කිරීමට වඩා මේ රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත අලංකරණය කිරීමය.
 
 දෙවසරක් තිස්සේ මේ රටේ සමස්ත ජන ජීවිත බරපතළ ලෙස කඩා වැටී තිබේ.
 
 මේ මොහොතේත් රටේ සමස්ත අධ්‍යාපනය ව්‍යාකූලවී ඇත. ‘ඔන්ලයින්’ අධ්‍යාපනය තවමත් ආගන්තුක වී ඇති අතර, වගකීම් විරහිත අමාත්‍යවරයකුගේ අ¥රදර්ශී කි‍්‍රයාපිළිවෙත තුළින් එය තවත් වියවුල් වී තිබේ. එනයින් ගත්විට සමස්ත ¥දරු පරපුරගේ ජීවිත අසුන්දර වී ඇත. ගුරුවරු, උපකාරක ගුරුවරු ඇතුළු සමස්තය ද දැඩිසේ පීඩාවට පත්ව ඇත.
 
 මේ වනවිටත් ලක්ෂ සංඛ්‍යාත ගොවි පරපුරේ ජීවිත අසුන්දර වී ඇත. පොහොර හිඟයෙන් ඔවුහු සුසුම් හෙළන අතර අස්වැන්න විකුණාගත නොහැකිව අප‍්‍රමාණ පීඩාවකට පත්ව සිටිති. රටම ආහාර හිඟයක සහ සාගතයක පෙරනිමිති දැක දැක සිටී. ජීවන වියදම අහස උසට ගොස් ඇති අතර එක් වේලක් හෝ පිරිමසා ගන්නට නොහැකිව ජනතාව පීඩා විඳිමින් සිටිති.
 
 ලක්ෂ ගණනකට රැුකියා අහිමි වී ඇති අතර ඇතැම් ආයතන වැසීගොස් ඇත. රජයේ සහ පෞද්ගලික අංශ සේවකයින්ගේ ජීවිත සහමුලින්ම අසුන්දර වී ඇත. කුලී කම්කරුවන්, කුලීරථ සේවකයින්, සාමාන්‍ය කම්කරුවන් ඇතුළු වැඩකරන පංතියේ ජීවිත අවාසනාවන්ත ඉරණමකට ලක්ව ඇත.
 
 සෞඛ්‍ය අංශයේ සුරවිරුවන්ගේ ඉතාම සරල ඉල්ලීම් පවා ලබා නොදෙමින් ආණ්ඩුව ඔවුන්ගේ ජීවිත අසුන්දර කොට ඇත. එන්නත්කරණය සහමුලින්ම දේශපාලනීකරණය කරමින් කොරෝනා ව්‍යසනය දේශපාලන පාපන්දුවක් බවට පත්කොට ඇත.
 
 රටේ ජාතික සම්පත් විකුණා දමමින් ද, රටට අනතුරු කැඳවා ගනිමින් ද, සාගරය, පරිසරය ඇතුළු සියල්ල විනාශ කරන තැනට පත් කරමින් ද ආණ්ඩුව මුළු රටම අසුන්දර කොට ඇත.
 
 මෙලෙස රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත ද, උපනූපන් මතු පරම්පරාවේ ජීවිත ද සහමුලින්ම අසුන්දර වී ඇති තත්ත්වයක් තුළ ආණ්ඩුව නගර අලංකරණය කිරීමට යොමුවීම තුළින් පැහැදිලි වන්නේ ප‍්‍රමුඛත්වය ලබාදිය යුත්තේ කුමකටද යන්න පිළිබඳවවත් ආණ්ඩුවට සංවේදීකමක් හෝ දැනුම්වත්කමක් නැති බවය.
 
 මේ මොහොතේ සමස්ත මිනිස් ජීවිත අලංකාර කොට ඉන් පසුව නගර අලංකාර කිරීමට අවධානය යොමු කරන ලෙස ආණ්ඩුවට බලකර සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment