නගර රැසක් වැසේ… බණ්ඩාරවෙල නගරය සම්පූර්ණයෙන්ම වැසේ…

607

පවතින දැඩි කොවිඞ් අවධානම හේතුවෙන් බණ්ඩාරවෙල නගරය ඊයේ (17) දින සිට දින හයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය කටයුතු කර ඇතැයි බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමයේ සභාපති උපාලි ඒකනායක මහතා පැවසීය.

 මේ වන විට බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ සීග‍්‍ර ලෙස කොවිඞ් අවදානම පැතිරයමින් පැවතීමත් කොවිඞ් ආසාදිත රෝගීන් විශාල පිරිසක් හමුවීමත් නිසා මෙම තීරණය ගැනීමට බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය තීරණය කර ඇත. මේ අනුව ඊයේ 17 දින සිට 23 දින දක්වා බණ්ඩාරවෙල නගරය සම්පූර්ණයෙන්ම වසා තිබෙන අතර නැවත 23 වන දින නගරය විවෘත කිරීමට නියමිත බවද බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමයේ සභාපති උපාලි ඒකනායක මහතා පැවසීය.

කරුණාරත්න පල්ලේගම – බණ්ඩාරවෙල, එස්. බුවනෙක – හපුතලේ

advertistmentadvertistment
advertistmentadvertistment