නගර සභා ලේකම්වරියට කළුතෙල් ගහලා

1993

වත්තල මාබෝල නගර සභාවේ මෙවර පැවති මාසික මහ සභා රැස්වීම පවත්වා ගෙන යන අතරතුර නගර සභා රැස්වීම් ශාලාවේ පිටුපසින් පැමිණි පිටස්තර නාඳුනන පුද්ගලයකු නගර සභාවේ ලේකම් ගීතානි ඩී. ලොකුවැල්ල මහත්මියගේ ඇඟට කළුතෙල් ප්‍රහාරයක් එල්ලකොට පලායෑම නිසා සභාව එකම
ගාලගෝට්ටියක් බවට පත්විය.

වත්තල මාබෝල නගර සභාවේ මේ මස මහ සභා රැස්වීම ඊයේ (28 දා) වත්තල නගර සභාවේ සභාපති මාක් ගුණසේකර මහතාගේ (එ.ජා.ප.) ප්‍රධානත්වයෙන් නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

සභාවේ කටයුතු තාවකාලිකව නතර කර දැමීමට සභාපතිවරයා කටයුතු කළ අතර සභාව පාලනය කිරීමට ඔහුට දැඩි උත්සාහයක් ගැනීමට සිදුවිය.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. කලුතෙල් ප්‍රහාරයට ලක්වූ ලේකම්වරිය ප්‍රතිකාර සඳහා මේ වනවිට වත්තල පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කර සිටියේ මේ බියගුලු ක්‍රියාව වත්තල මාබෝල නගර සභාවේම මන්ත්‍රීන් පිරිසක් විසින් සැලසුම් කොට ක්‍රියාත්මක කළ සිදුවීමක් බවය. නගර සභාවේ සමහර මන්ත්‍රීන් විසින් සිදු කරන නීත්‍යනුකූල නොවන කටයුතුවලට ඉඩ නොදීම නිසා තමන්ට මෙවැනි ප්‍රහාරවලට ලක්වීමට සිදුව ඇති බවද පවසන ලේකම්වරිය කුමන එදිරිවාදිකම් ආවත් ඉදිරියේදීත් තමන් කටයුතු කරන්නේ නීතියට එකඟව බවද පවසා සිටියාය. කලුතෙල් ප්‍රහාරයට ලක්වු ලේකම්වරිය.

බී. ටී. කේ. – ජාඇල අතිරේක, වත්තල – සරත් චින්තක

advertistmentadvertistment
advertistmentadvertistment