නගර 26 ක් වැසෙයි පිටකොටුවත් වැසෙන ලකුණු

548

කොරෝනා වෛරසය ශීඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් තිබීම නිසා රට පුරා ප‍්‍රධාන නගර 26ක් වසා දැමීමට එම නගරවල වෙළෙඳ සංගම් ඊයේ (17 දා* වනවිට කටයුතු කර ඇත.

 මේ අතර තවත් ප‍්‍රධාන නගර රැුසක් ඉදිරි දිනවලදී වසා දමා ආරක්‍ෂිත කි‍්‍රයාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවට තොරතුරු ‘දිවයින’ට වාර්තා වෙයි.

 කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා රජය රට වසා දැමීමට කටයුතු නොකරන නිසා මෙම ප‍්‍රධාන නගර මෙසේ වසා දමා ජනතාව රැුස්වීම පාලනය කිරීමට කටයුතු කළ බව මෙම ප‍්‍රධාන නගරවල වෙළෙඳ සංගම්වල නියෝජිතවරු පැවැසූහ.

 මේ වනවිට වසා දමා තිබෙන ප‍්‍රධාන නගර අතර ගම්පහ, මොනරාගල, අම්පාර, අකුරැස්ස, අලව්ව, රත්නපුර, බණ්ඩාරවෙල, කැකිරාව, අම්බලන්ගොඩ, අම්බලන්තොට, ඇඹිලිපිටිය, වේයන්ගොඩ, බදුල්ල, දංකොටුව, බලන්ගොඩ, මරඳගහමුල ඇතුළු තවත් නගර රැුසක් තිබෙන බව ආරංචි මාර්ග පවසයි.

 මේ අතර පිටකොටුවේ කේසර්වීදියේ තොග වෙළෙඳසල් විශාල ප‍්‍රමාණයක් ඊයේ සිට වසා දමා තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment