නටාලිට ප‍්‍රතිචාර එමටයි ටාෂි

175

ටාෂියා කාලිදාස ඔබ මුලින්ම හඳුනාගත්තෙ ඉන්ටර්නැසනල් ටෙලි නාට්‍ය හරහා. දැන් තිරගත වන ‘හැපි බර්ත්ඬේ’ චිත‍්‍රපටයෙනුත් ඇය පුළුල් තිරය හරහා ඔබට දැකගන්නට පුළුවන්. ළඟදි දවසක විදේශීය රටක ටෙලි කතා මාලාවකටත් සහභාගි වුණ ටාෂි මීවිත එක්ක මේ විදිහට කතාබහකට එකතු වුණා.

 * ‘හැපි බර්ත්ඬේ හි’ නටාලිට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

 චිත‍්‍රපටය තිරගත වෙන්න පටන් අරගෙන තවම ටික දවසයි. මේ වන විට ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනව.

 * මේ ඔබේ පළමුවැනි සිනමා නිර්මාණය. ඒ හැඟීම මොන වගේද?

 ඇත්තටම ගොඩක් සතුටුයි, ඒ වගේම ආඩම්බරයි. දිල්හානි ඒකනායක, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි වගේ ප‍්‍රවීණයන් සමග වැඩකරන්න අවස්ථාව ලැබුණ මේ නිර්මාණයට මට ආරාධනා කළේ ස්ටේ‍්‍රන ඇඩම්ස් මහත්මයා. එතුමා සමග මීට කලින් මම වැඩ කිහිපයක් කරල තියෙනව. විශ්වාසයකින් යුතුව මේ චරිතයට මාව තෝරාගත්තාට එතුමාටත්, මෙහි අධ්‍යක්‍ෂ අරුණ ජයවර්ධන මහත්මයාටත් බොහොම ස්තූතියි.

නටාලිට ප‍්‍රතිචාර එමටයි ටාෂි



 * ඔබ නටාලිට සාධාරණයක් කළාද?

 ඔව් මම හිතනව මම ඒ චරිතයට සාධාරණයක් කළා කියල. ඒ වගේම අධ්‍යක්‍ෂවරයාත් ගොඩක් සතුටු වුණා. මේ චිත‍්‍රපටයට ෆයිට් සීන්ස් ඇතුළත් වෙලා තියෙනව. නමුත් මම මීට කලින් මාර්ෂල් ආර්ට් කරල නැහැ. කොහොම වුණත් හැමෝගෙම එකතුවෙන් නිර්මාණය සාර්ථකව කරන්න අපිට පුළුවන් වුණා.

 * නිර්මාණය තුළ ඔබ මුහුණ දුන් අත්දැකීම් මොන වගේද?

 සූර්යා දයාරුවන් මේ චිත‍්‍රපටයෙ රඟපාන්නෙ මැර චරිතයක්. ඔහු මට කනේ පහරවල් කිහිපයක් ගහනව. එතනදි මගෙ කන තුවාල වෙනව. මේ වගේ අත්දැකීම් බොහොමයක් මේ නිර්මාණය තුළ අත්වින්දා.

 * ටෙලි නාට්‍ය වලට ආරාධනා ලැබුණෙ නැද්ද?

 ටෙලි නාට්‍ය වලට වගේම චිත‍්‍රපට වලටත් ආරාධනා ලැබෙනව. මුලින්ම පිටපත බලනව. එතනදි මම මගේ වයසට ගැලපෙන චරිත පමණක් තෝරා ගන්නව. ඒ වගේම ඊළඟ අවුරුද්දෙ උසස් පෙළ විභාගයට පෙනී සිටින නිසා මේ දවස්වල අධ්‍යාපන කටයුතු වලට වැඩි ඉඩකඩක් වෙන් කරනව.

 * ඉන්ටර්නැසනල් 2 ට ආරාධනා ලැබුණෙ නැද්ද?

 ඉන්ටර්නැසනල් 2 ටෙලියට ආරාධනා ලැබුණත් සහභාගි නොවුණෙ අධ්‍යාපන කටයුතු නිසයි. ඒ වගේම පසුගිය අගෝස්තු මාසයේ රූපවාහිනී කතා මාලාවකට සහභාගි වෙන්න පාකිස්තානයට යන්න අවස්ථාවක් ලැබුණ.

නටාලිට ප‍්‍රතිචාර එමටයි ටාෂි



 * ඒ ආරාධනය ප‍්‍රතික්‍ෂේප කිරීම අපරාධයක්?

 ඇත්තටම අපරාදෙ කියල හිතෙනව.

 * ජාත්‍යන්තර රංගන අත්දැකීම මොන වගේද?

 මේක හමුදාවෙ ටෙලි නාට්‍යයක්. ලංකාවෙන් කැඩෙට් නිලධාරිනියක් විදිහට යන නෙත්මි කියන චරිතය තමයි මම නිරූපණය කළේ. මාත් එක්ක ර`ගපෑමෙන් එකතු වුණ සියලූ දෙනාම වගේ ප‍්‍රවීණයන්.

 ඔවුන්ගෙනුත් බොහෝ දේවල් ඉගෙන ගන්න තිබුණ. ඇත්තටම ගොඩක් වටින අත්දැකීමක්.

 * උසස් පෙළින් පස්සෙ?

 විභාගයෙන් පස්සෙ හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර ගන්නව. ඒ වගේම ඉදිරියේදි වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්න නම් අදහසක් නැහැ. මම කැමති ගුවන් සේවිකාවක් වෙන්න.

 * ඔබේ කැමැත්ත?

 ඇත්තටම මම ආසයි දුෂ්කර පළාතක ගැමි චරිතයක් කරන්න.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment