නඩාල්ටත් කොවිඩ්

51

ස්පාඤ්ඤයේ සුපිරි ටෙනිස් කී‍්‍රඩක රෆායල් නඩාල් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

අබුඩාබි විවෘත ටෙනිස් ශූරතාවලිය සඳහා සහභාගි වී සිටි නඩාල්

පසුගියදා සිට රටට නැවත පැමිණීමෙන් අනතුරුව සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ.

20 වතාවක් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාව දිනා ගැනීමට සමත්වී ඇති රෆායල් මෙවර අබුඩාබි විවෘත ටෙනිස් තරගාවලියේදී බ‍්‍රතාන්‍යයේ ඇන්ඩි මරේ හමුවේ පරාජයට පත්විය. එ් අනුව අදාළ තරගාවලියෙන් ඉවත් වන්නට රෆාවල් නඩාල්ට සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment