නඩාල් ඔලිම්පික්වලටත් විම්බල්ඩන්වලටත් නැහැ

166

 මෙම මස 28 වැනිදා ආරම්භවන විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියට සහ ඔලිම්පික් තරගාවලියට සහභාගි නොවීමට සුපිරි ටෙනිස් ක‍්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් තීරණය කර ඇත.
 
 මේ වනවිට 35 හැවිරදි වියේ පසුවන නඩාල් මෙම තීරණය ගෙන ඇත්තේ එක දිගට වෙහෙසකාරී කරන රටාවක නිරතවීම තමාගේ සිරුරට දරා ගැනීමට නොහැකිතරම් බරක් බව මාධ්‍යයට ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.
 
 ලොව අංක 03 ටෙනිස් ක‍්‍රීඩකයා ලෙස දැනට ශ්‍රේණිගතව සිටින රෆායල් නඩාල් ලොව වැඩිම ග‍්‍රෑන්ඞ් ස්ලැම් ටෙනිස් ශූරතාවලි ජයග‍්‍රහණය කළ ක‍්‍රීඩකයා ලෙස ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමග සමතැන් ගෙන සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment