නඩාල් – ජොකොවික් අද අවසන් පූර්ව තරගයේදී ගැටෙති – ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවය

315

2021 ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි අවසාන පූර්ව තරගය අද (11 වැනිදා) සර්බියාවේ නොවැක් ජොකොවික් සහ ස්පාඤ්ඤයේ රෆායිල් නඩාල් අතර පැවැත්වේ.
 
 ඉතාලි ක‍්‍රීඩක මැටියෝ බෙරට්ටිනි පරාද කරමින් ජොකොවික් අවසාන පූර්ව තරගයට පෙරේදා (09 වැනිදා) සුදුසුකම් ලැබුවේය.
 
 ස්පාඤ්ඤ ක‍්‍රීඩක රෆායල් නඩාල් ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ ක‍්‍රීඩා කර ඇති තරග 107න් 105ක් ජයග‍්‍රහණය කර ඇති අතර නොවැක් ජොකොවික් මේ වනවිට ලොව අංක 01ට ශ්‍රේණිගත වී ඇති ටෙනිස් ක‍්‍රීඩකයා වේ. එම නිසා මෙම දෙදෙනා අතර පැවැත්වෙන අවසාන පූර්ව තරගය තියුණු මුහුණුවරක් ගනු ඇතැයි විචාරකයෝ අදහස් පළ කර සිටිති. මැයි මස 30 වැනිදා ආරම්භ වූ ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි අවසාන මහා තරගය ලබන 13 වැනිදාත්, කාන්තා අංශයේ අවසාන මහ තරගය ලබන 12 වැනිදාත් පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment