නඩුව අස්කර ගැනේ කබ්රාල් නිදහස්

207

කීනියාවල පාලිත හිමියන් විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෞද්ගලික නඩුව පැමිණිලිකාර කීනියාවල පාලිත හිමියන් විසින්ම ඉල්ලා අස්කර ගැනීම නිසා එම නඩුවේ සැකකරු ලෙස නම් කර තිබූ අජිත් නිවාඩ් කබ්රාල් මහතාව නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (25 දා) නියෝග කළේය.

එම නඩුව ඊයේ (25 දා) කැඳවූ අවස්ථාවේ පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් කීනියාවල පාලිත හිමියන් ගොනු කළ පැමිණිල්ලේ පැවති තාක්ෂණික දෝෂයක් නිසා නැවත නඩු පැවරීමේ අයිතිය රඳවාගෙන පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට අවසර ලබාදුන් මහෙස්ත්‍රාත්වරයා සැකකරු නිදහස් කිරීමට නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment