නඩු විභාගයේදී පෙම්වතියගේ හිත වෙනස් වෙයි: විත්තිකරු දඩයකට යටත් කොට නඩුව අවසන් කරයි

1318

බාලවයස්කාර සිසුවියක සමග පේ‍්‍රම සබඳතාවයක් පවත්වා පසුව ඇගේ දෙමාපියන්ට හොරා ඇයව මහියංගණයට කැඳවා ගොස් අතවර කළ බවට අධිචෝදනා ලැබූ පෙම්වතාට (විත්තිකරුට) එරෙහිව පැවැති නඩු විභාගයේදී අතවරයට පත් පෙම්වතිය (පැමිණිලිකාරිය) නඩු විභාගය තවදුරටත් ඉදිරියට පවත්වගෙන යෑමට අකමැති වීමත් තමාට විත්තිකරු වෙතින් වන්දි මුදලක් අනවශ්‍ය බවත් අධිකරණය හමුවේ පැවසීම සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු චෝදනාවලට රුපියල් 10,000 ක දඩයකට යටත්කර නඩුව අවසන් කිරීමට 13 දා නියෝග කළේය.

මෙහි විත්තිකරු වූයේ මහියංගණයේ පදිංචිකරුවෙකි.

විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා ඉදිරිපත් කළ කරුණු සහ අගතියටපත් පාර්ශ්වය (පැමිණිල්ල) වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වත්සලා උළුවඩුගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය විත්තිකරුට එරෙහිව තිබූ චෝදනාවන්ට රුපියල් 10,000ක දඩ නියමකර නඩුව අවසන් කරන ලදී. රජයේ අධිනීතිඥ චන්දිමා ප‍්‍රනාන්දු මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment