නතර නොකළ බසයට ගල් ප්‍රහාරයක් එල්ල කළ කාන්තාව අත්අඩංගුවට

594

යාපනයේ සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ලකළ 28 හැවිරිදි කාන්තාවක් පුලියන්කුලම පොලිසිය විසින් පෙරේදා (13 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය මෙම බස් රථයට ප්‍රහාරයක් එල්ල කළේ තමන්ට එම බසය ඊට පෙර දිනයේදී නතර නොකළ නිසා බව ඇය පොලිසියට ප්‍රකාශ කොට ඇති අතර ඇය විසින් එල්ල කළ ගල් ප්‍රහාරයෙන් බසයේ ඉදිරිපස වීදුරුවට දැඩි ලෙස හානි සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු වවුනියාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට සැකකාරිය අත් අඩංගුවට ගෙන ඇති අතර ඇයව වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment