නත්තල් සහ අවුරුදු විශාල සාද මඟහරින්නැයි ඇමරිකානු ජනපතිගේ උපදේශක පවසයි

126

එළඹෙන නත්තල් හා අලූත් අවුරුදු සමයේ විශාල වශයෙන් මහජනතාව ඒකරාශි වන ස්ථාන මගහැරීමට කටයුතු නොකළහොත් පූර්ණ කොරෝනා එන්නත්කරණයට ලක්ව සිටින පිරිස් මෙන්ම බූස්ටර් කොරෝනා එන්නත් මාත‍්‍රාව ලබා ගත් අය අතර ද ඔමික්‍රෝන් හා ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදයන් පැතිර යෑමේ දැඩි අවදානමක් පවතින බව ඇමරිකානු ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු මෙන්ම ප‍්‍රමුඛ පෙළේ වසංගත රෝග විශේෂඥයකු වන වෛද්‍ය ඇන්තනි ෆවුකි විසින් අනතුරු අඟවා තිබේ.

උත්සව සමයේ පැවැත්වෙන පුද්ගලයන් 30, 40, 50 වැනි සංඛ්‍යාවක් සහභාගී වන සාදයන්ද මෙම දිනවල කොරෝනා ආසාදනයට ගොදුරු වීමේ අනවශ්‍ය අවදානමක් මතු කරන අවස්ථාවන් බව පෙන්වා දෙන වෛද්‍ය ෆවුකි එම සාදවලට සහභාගී වන පුද්ගලයන්ගේ එන්නත්කරණ මට්ටම පිළිබඳව කිසිවෙකු නොදන්නා නිසා ඒවා මගහැර නිවෙස් තුළ සිය පවුලේ සාමාජිකයන් සමග නත්තල සැමරීම කොරෝනා එන්නත් ලබා ගත් අයට ද වඩාත් යෝග්‍ය බව අවධාරණය කර ඇත. මේ වන විට ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 90ක්ම ඔමික්‍රෝන් ආසාදිතයන් බව අනාවරණය වී තිබේ. මේ අතර ඉකුත් නොවැම්බර් මාසයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් කොරෝනා මර්දන නීති රීති ලිහිල් කළ දකුණු කොරියාවේ කොරෝනා ආසාදිත හා කොරෝනා මරණ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වී ඇත. රෝග පාලනය හා නිවාරණය පිළිබඳ කොරියානු මධ්‍යස්ථානය පවසනුයේ ‘ඔමික්‍රෝන්’ ප‍්‍රභේදය ළඟදීම එරට කොරෝනා වසංගතය පැතිරීමට බලපාන ප‍්‍රධානතම වෛරස් ප‍්‍රභේදය බවට පත් වන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment