නත්තලේ ප්‍රීතිය සැමරීම දුප්පතුන් හා දුක් විඳින්නන් සමග බෙදා ගනිමු

75

ජනතා වේදනාවන්ට පිළිතුරු දෙන්න නත්තල අපට බලකර සිටියි – ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව

නත්තලේ දී අපගේ ප්‍රීතියට හේතුව වන්නේ දෙවියන් වහන්සේගේ මෙම ගැඹුර දත නොහැකි ප්‍රේමයයි. ජේසුස් වහන්සේගේ උපතේ දී උන්වහන්සේට ලබා දුන්නේ එම්මානුවෙල් යන නාමයයි. දෙවියන් වහන්සේ අප සමග යන්න එහි අර්ථයයි.

එහෙයින් නත්තල යනු දෙවියන් වහන්සේ මිනිස් සංහතියට කෙතරම් ප්‍රේම කළ සේක් ද කීවොත් ජීවිතය ගෙන එන සියලු ප්‍රීතිය සහ වේදනා සමග දිවි ගමනේ යෙදෙන විට උන්වහන්සේ දිගින් දිගට ම අප සමග වැඩ සිටින බවට වන ජීවමාන සිහි ගැන්වීමකි. එම නිසා නත්තල සැමරීම හුදෙක් අතීත සිද්ධියක් නැවත සිහිපත් කිරීමක් පමණක් විය නොහැකි අතර එය එසේ නොවිය යුතුය. එය අප වෙනුවෙන් සහ අප සමග ජීවත්වීමට මෙලොව උපන් දෙවියන් වහන්සේ සමග අපගේ සබඳතාව ගැඹුරු කර ගැනීමේ අවස්ථාවකි. නත්තල යනු අපගේ විශ්වාසයේ අලංකාරය සහ ජීවිතයේ වටිනාකම හැඳිනගෙන එහි පූර්ණත්වයට අප ජීවත්වන සමාජය තුළ සාක්ෂි දැරීම සඳහා අප පොළොඹවන කැඳවීමකි.

නත්තල සැම විටෙකම ප්‍රීතියේ කාලයක් ලෙස පවතින්නේ ය. එය බාහිර උත්සවාකාරයක් සහ

තුරුගොසක් පමණක් බවට පත්වීමට ඉඩහැරියොත් එහි ආධාත්මික ගැඹුර සහ අර්ථය එයට අහිමි වන්නේය. එහෙයින් ගවහලෙහි පළමු නත්තල වෙත අපි නැවතත් හැරී යා යුතු වෙමු.

දරුණු ආචාර ධාර්මික දේශපාලනික සහ ආර්ථික අර්බුදවලට විසඳුම් සෙවීමට ද ළමුන්ගේ සහ බිලිඳුන්ගේ පිටිකිරි ඖෂධ ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අසට උසට නැඟ යෑම නිසා ජීවිත අරගලයක නිරතවන දුප්පතුන් සහ අවශ්‍යතාවන්ගෙන් පෙළෙන්නන්ගේ වේදනාත්ක හඬට පිළිතුරු දීමට නත්තල අපට බලකර සිටියි. නත්තලේ ප්‍රීතිය සැමරීමට දුප්පතුන් සහ දුක් විඳින්නන් සමග බෙදා හදා ගැනීමට වඩා හොඳ වෙනත් විධියක් නැත. මෙම පණිවුඩයට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනි කුරුණෑගල රදගුරුතුමන් හා මහ ලේකම් ජේ. ඩී. ඇන්තනි ජයකොඩි අගරදගුරු පදවි සහායක රදගුරු තුමන් අත්සන් තබා තිබේ.

නත්තලේ ප්‍රීතිය සැමරීම දුප්පතුන් හා දුක් විඳින්නන් සමග බෙදා ගනිමු

advertistmentadvertistment
advertistmentadvertistment