නදීකගේ හිතුමතේ කළඑළි බසී

126

මොරටුවේ බටහිර සංගීත කණ්ඩායම් රැුසක ගායකයෙක් සහ වාදකයෙක් ලෙස වසර ගණනාවක කටයුතු කළ නදීක මුතුකුඩගේ නවතම ගී නිර්මාණය පසුගියදා එළිදැක්විණි.

 ලංකාවේ තරු පංතියේ හෝටල්වල සහ, යුරෝපය, අප‍්‍රිකාව, මැද පෙරදිග ඇතුළු රටවල් රැුසක සංගීත කණ්ඩායම් සමග සංචාරය කොට ඇති මොහු අද වන විට ගායකයෙක් ලෙස කටයුතු කරයි.

 ඔහුගේ අළුත්ම නිර්මාණය වන හිතුමතේ ගැන නදීක පැවසුවේ මෙවැනි අදහසකි.

 මේ දිනවල මාගේ අලූත්ම සිංහල ගීතය ‘හිතුමතේ. වීඩියෝව සමාජ මාධ්‍යයට සහ ප‍්‍රසිද්ධ විද්‍යුත් නාලිකා කිහිපයක් හරහා එළිදැක්වූවා . මේ ‘හිතුමතේ. ගීතයේ විශේෂත්වය වන්නේ මෙයින් කියැවෙන්නේ ඇත්තටම මගේ ජීවිතය ගලාගෙන යන, ගලාගිය සුන්දර එහෙත් හිතුමතේටම ගෙවුණු ආකාරය ගැනයි.

 ඒගැන හොදින්ම දන්න මගේ ඉතා කිට්ටු මිත‍්‍රයෙක් වන නිශා පීරිස් තමයි මෙහි සංගීත අධ්‍යක්ෂණය කටයුතු සිදුකළේ. මෙහි පද රචනය ඩිලක්ෂන් රසික සෙනෙවිරත්න. ඇත්තටම මට හරිම සතුටුයි නිශා පීරිස් වගේ දක්ෂ නිර්මාණකරුවෙක් එක්ක මගේ ගීතය එළිදක්වන්න ලැබීම ගැන. හිතුමතේ ගීතය ගැන විශේෂයෙක් කිවයුතු දෙයක් තියෙනවා. මෙම ගීතයේ සංගීතය පටිගත කිරීම් සියල්ල සිදුකළේ දකුණු අප‍්‍රිකාවේදී. එ් වගේම විදේශීය වාදකයන් තමයි එ් සඳහා සම්බන්ධ වුණේ. නිශා තමයි එ් වැඬේ කළේ. මෙහි සියලූම වාදකයින් දකුණු අප‍්‍රිකාවේ අතිදක්ෂ වාදකයින්වීම නිසා මේ ගීතයට වෙනමම රසක් එකතු වීමක් බවයි මගේ හැගීම. මීට වසර කිහිපයකට උඩදී මම අල්තාරයේ නමින් ගීතයක් නිකුත් කළා. එයටත් ගොඩක් හො`ද ප‍්‍රතිචාර ලැබුණා. ඉදිරියටත් තව ගීත කිහිපයක් නිර්මාණය කරන්න කටයුතු කරමින් සිටිනවා. මේ ටිකේ මම අළුත් සංගීත අත්හදාබැලීම් කිහිපයක් සිදුකරමින් සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment