නදීෂාට 6 වැනි තැන

80

චීනයේ දී ක්‍රියාත්මක කෙරුණු “Belt and Road˜” ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ දී කාන්තා හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වට එක්වූ නදීශා දිල්හානී ලේකම්ගේ ට 06 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

සය වැනි ස්ථානය තහවුරු කර ගැනීම උදෙසා නදීෂා දිල්හානි ලේකම්ගේ ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර් 53.52 කි.

මේ අතරවාරයේ දී පිරිමි මීටර් 200 අවසන් තරගය සඳහා වරම් ලබා සිටි අරුණ දර්ශන එම ඉසව්වට සහභාගි වීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබේ. මීටර් 200 අවසන් තරගය පෙරේදා (29දා) සවස පැවැත්වුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment