නන්දාමාලනිය අරගල බිමේ යශෝරාවය පතුරවයි!

703

වෙනස කරන්න ඔබට පුළුවන්

නන්දාමාලනිය සුනිලුන් හා ස්වර්ණා සමග බුද්ධදාස ගලප්පත්ති අරගල
බිමට…

‘‘යදමින් බැඳ විලංගු ලා

මගේ පුතා රැගෙන යන්න

ඉඳිකටු ඇන ඇඟිලි තලා

දෙතිස් වධය පමුණුවන්න………

අලූත් ලොවක් ගැන සිතීම

දඬුවම් දෙන වරද නම්

කුමට එරට අධිකරණය

නීතිය සහ විනිසුරන්………

රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ඉල්ලා ගාලූමුවදොරදී ඊයේ (12 දා) සිව්වන දිනටත් පැවැති මහජන විරෝධතාවට කලාකරු සහාය පළ කරමින් ප‍්‍රවීණ ගායන ශිල්පිනි විශාරද නන්දා මාලනී මහත්මිය ද පැමිණියාය. ඇය එහිදී ජනතාව සමග විරෝධතාවේ නිරතවෙමින් එම ගීතයේ කොටසක් ද ගායනා කළාය.

නොනිදන අරගලයක යෙදෙමින් විරෝධතාවයට එක්ව සිටින පිරිස ඇමතූ නන්දා මාලනිය එහිදී මෙසේ අදහස් දැක්වූවාය.

නන්දාමාලනිය අරගල බිමේ යශෝරාවය පතුරවයි!

මේ දරුවෝ මේ විදියට ඇවිත් මේ ඉල්ලා සිටින්නේ අනාගතයට හොඳ රටක්. ඒ අය තමුන් වෙනුවෙන් කිසිවක් ඉල්ලන්නේ නැහැ. උදේ දවල් රෑ අව් වැසිවලින් පීඩා විඳිමින් හොඳ ආහාරයක් පවා නැතිව මේ දරුවෝ රට වෙනුවෙන් අවදියෙන් සිටිනවා. මගේ ජීවිත කාලයේ මම මෙවැන්නක් දැක්කමයි. මේ තරුණ පරම්පරාවට මේ රට වෙනස් කළ හැකියි. ඒ අයට පුළුවන් අනාගත පරපුරට යහපත් රටක් හදන්න. අපි හු`ගක් දේවල් වෙනුවෙන් සිංදු කිව්වා. කතා කළා. මේ දරුවෝ ඒ ගීත ගායනා කරනවා අපට ඇසී තිබෙනවා. මම මෙතැනට ආවේ මේ තරුණ පරපුරට ශක්තියක් වීමටයි.

මෙම අවස්ථාවට මහාචාර්ය සුනිල් ආරියරත්න, ප‍්‍රවීණ සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි සහ බුද්ධදාස ගලප්පත්ති යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

අනතුරුව නන්දා මාලනිය, මහාචාර්ය සුනිල් ආරියරත්න, ප‍්‍රවීණ රංගවේදිනී ස්වර්ණා මල්ලවආරච්චි අරගල භූමියේ බිම වාඩිවී තරුණ ජවයට ශක්තිය දෙන්න මම ආවා යන සටහන තැබුවේ සටන් බිමේ සිටින සැමට දිරිය දෙමිනි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ද ස්වර්ණා මල්ලවආරච්චි ද තම අත්සන සහිතව එහි සටහන් කළේ වෙනස කරන්න ඔබට පුළුවන් ඔබට අපේ දිරිය යනාදී වශයෙන් වූ සටහන් ද තබමිනි. එහිදී නන්දා මාලනියගේ හඬින් මෙසේද ගැයිනි.

‘අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුණේ

ලේ කිරි කර දුන් ලේ උරා බී කිරි කඳුළක් දැන් නැත දෙතනේ…

දරුවොත් වැදුවා දරුවොත් හැදුවා… උන් වැඩි හරියක් සොර දෙටුවෝ…

දරුවන් නොව උන් මැරයන් පරයන් මගෙ දේ කා මට වින කෙරුවෝ…

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment