නන්දා මාලිනී සංගීත ආශ්‍රමයට නවක සිසුන්ට මෙවරත් අවස්ථා

84

ප්‍රවීණ ගායිකාවක මෙන්ම සම්මානලාභී ශිල්පිනියකද වන ලක්නව් හි භාත්ඛන්ඩේ සංගීත විද්‍යා පීඨයේ සංගීත විශාරද උපාධිධාරිනියක වන නන්දා මාලිනිය විසින් මෙහෙයවනු ලබන සංගීත පන්ති සඳහා 2023 වසරට නවක සිසු සිසුවියන් බඳවා ගැනීම මේ දිනවල සිදු කෙරේ.

යහපත් සංගීත රුචියක් ඇති ප්‍රබුද්ධ සංගීත රසික පිරිසක් බිහිකිරීමේ අභිප්‍රායෙන් වසරක් පුරා සංගීත ආශ්‍රමයේ පවත්වාගෙන එනු ලබන මෙම පන්ති මාලාව දෙමව්පිය, ගුරුවර, වැඩිහිටි බොහෝ දෙනාගේ ඉමහත් පැසසුමට භාජනය වී තිබේ. මෙම සංගීත පන්තිවලදී වයස අවුරුදු 8 සිට 12 දක්වා වූ කුඩා දරු දැරියන් සඳහා ඒ වයස් සීමාවන්ටම විශේෂිත වූ මූලික ස්වර අභ්‍යාස සහිත, දරුවන්ගේ මුවට පහසුවෙන් ගායනා කළ හැකි මධුර ගීත මාලාවක් ඔවුන්ගේ කටහඬ පුහුණුව සඳහාම උගන්වනු ලැබේ.

වයස අවුරුදු 12 සිට 15 දක්වා වූ දරුවන්ට පාසල් විෂය මාලාව හා සම්බන්ධ කෙරුණු දේශීය ජනගායනා සහ රාගධාරී විෂය ඇතුළත් සංගීත පාඨමාලාවක්ද, තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා තම ගායන හැකියාවන් ප්‍රගුණ කර ගැනීම සඳහා ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයේ ප්‍රවේශිකා ප්‍රථම සහ ඩිප්ලෝමා යන පාඨමාලාවක්ද ඉගැන්වේ. මේ සම්බන්ධ අයදුම්පත් නොවැම්බර් මස 10 වැනි දිනට පෙර මුද්දර සහිත කවරයක් එවීමෙන් මතු සඳහන් ලිපිනයෙන් ලබාගත හැක.

ලේකම්, නන්දාමාලිනි සංගීත ආශ්‍රමය, අංක 30, විජයබා මාවත, නාවල පාර, නුගේගොඩ.

advertistmentadvertistment
advertistmentadvertistment