නබි නායකතුමාට අවමන් කිරීම ගැන අයිසිස් ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරයි

513

මුම්බායි සහ නවදිල්ලි බුද්ධි අංශ සීරුවෙන්

නබිනායකතුමාට අවමන් කිරීම නිසා ඉන්දියාවේ නවදිල්ලිය” මුම්බායි” උත්තර ප්‍රදේශය සහ ගුජරාටයට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට අයිසිස් සංවිධානය ඉන්දීය රජයට ලිඛිතව තර්ජනය කර ඇත.

මෙම අවමන් කිරීම සිදුකළ භාරතීය ජනතා පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නුපුන් ෂර්මා පක්ෂයෙන් නෙරපා දමා තිබේ. එසේම ඊට සම්බන්ධ භාරතීය ජනතා පක්ෂ තරුණ සවිධාන නායක හෂින් සිරිවස්තා අත්අඩංගුවට ගෙන ඇත. අයිසිස් තර්ජනය සමග ඉන්දීය බුද්ධි අංශ සීරුවෙන් තබා ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳව ඉන්දීය රජය පැවසුවේ භාරතීය ජනතා පක්ෂ මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය ඉන්දීය රජයේ තීරණයක් නොවන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment