නබි නායක ජන්ම දිනය අද

1704

ඉස්ලාම් බැතිමතුන්ගේ ශාස්තෘවරයා වන ශුද්ධවූ මුහම්මද් නබි නායකතුමාගේ උපන් දිනය අදට (19 දා) යෙදී තිබේ.


 නබිතුමන්ගේ මානුෂීය දර්ශනය අන් කවරදාටත් වඩා අද සමාජ සුබසිද්ධියට අවශ්‍යයි ජනපතිගෙන් සුබපැතුම් පණිවුඩයක්

නබි නායක ජන්ම දිනය අද

සියලූ දෙනාට විශ්වාස කළ හැකි පුද්ගලයෙක් වීම සඳහා අවශ්‍ය වනුයේ කරුණාව සහ අවංකභාවය බව මුහම්මද් නබිතුමන් ලෝකයට පෙන්වා දුන්නේ යැයි අදට (19දාට* යෙදී ඇති නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එම සුබ පැතුම් පණිවුඩය මෙසේය.

 ඕනෑම සමාජයක වෙසෙන මිනිස් වර්ගයාගේ චින්තනය සහ චර්යාවේ පදනම බවට පත් වී තිබෙන්නේ ඔවුන් විසින් විශ්වාස කර පිළිගත් ගැඹුරු දහමය.

 අවංක මිනිසුන් ඉදිරිපිට දෙවියන් නිරාවරණය වන අතර, එබඳු පුද්ගලයන් දෙවියන් විසින් සුදුසු, උස් ස්ථාන කරා ඔසවා තබන බව මුහම්මද් නබිතුමාගේ ජීවිතය සහ දර්ශනය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අවබෝධ කර ගත හැකිය.

 ශී‍්‍ර ලාංකේය සහ ලෝක ඉස්ලාම් බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට පත් මුහම්මද් නබි නායකතුමාගේ දර්ශනය තවදුරටත් සමාජගත කොට සහජීවනය ඇති කිරීම ඉස්ලාමීය බැතිමතුන් එතුමාට දක්වන විශේෂ ගෞරවයක් ලෙස මම දකිමි.

 එතුමාගේ ජීවිතය පුරා පවත්වාගෙන ගිය මානුෂීය දර්ශනය අන් කවරදාටත් වඩා අද සමාජ සුබසිද්ධියට යොදා ගැනීම කාලෝචිතය.

 අදටත් ලෝක ජනතා ගෞරවයට පාත‍්‍රවී සිටින නබිතුමාගේ ජීවිතාදර්ශයන්ට ගරු කරන ශී‍්‍ර ලාංකික ඉස්ලාමීය බැතිමතුන් ඇතුළු ජගත් ඉස්ලාම් ජනතාවගේ ජීවිත ආලෝකවත් වී, සියලූ දෙනාට සෞභාග්‍යය උදා වේවායි ප‍්‍රාර්ථනා කරමි.

advertistmentadvertistment
advertistmentadvertistment