නමට පලදෙන ග්‍රාමය වාස්තු විද්‍යාවෙන් පරික්‍ෂා කරගමු

36

පුරාණ කාලයේ වගේ නොවේ, වර්තමානයේ සෑම දෙයක්ම පොෂ් විදියට සිතන පතන අය වැඩිය. ඇඳුම, පැලඳුම යනෙන යතුරුපැදිය මෝටර් රථය මේ සෑම දෙයකම පොෂ් ගතියට ඇලුම් කරයි. කෙල්ලක් නම් සොයන්නේ කොල්ලාගේ පොෂ් ගතියයි. කොල්ලෙක් නම් සොයන්නේ කෙල්ල පොෂ් ද කියාය. නමුත් තමුන්ට කියලා ඉඩමක් තෝරා ගැනීමේදී නම් ඉඩමේ පොෂ් ගතියට රැවටිලා, දැනුම් තේරුම් නැතිව ඉඩමක් තෝරාගෙන ගෙයක් හදන්න සූදානම් වෙන්න එපා. මොනයම් දෙයකට පොෂ් දෙයක් ගැළපුවා ද එම තියරිය තමන්ගේ පදිංචිවීමට සූදානම් වන ඉඩමට, ගෙයට ඈඳගන්න එපා. මෙයට වසර ගණනාවකට ඉහත දී නම් පදිංචියට සුදුසු ගමක්, නගරයක් තෝරා ගැනීම සඳහා විවිධ ක්‍රම කීපයක් අනුගමනය කරන ලදී. මේ සඳහා වාස්තු විද්‍යාවේම මෙම ක්‍රම පෙන්වා දී තිබෙනවා. නමේ මුල් අකුර නාම ලග්නය, ගමේ මුල් අකුර ග්‍රාම ලග්නය උපයොගි කරගෙනයි, මෙම තේරීම කළේ. අදටත් සමහර මේ සම්බන්ධයෙන් දැනුමක් තිබෙන වැඩිහිටියන් පදිංචියට හෝ වෙනයම් දෙයකට භූමියක් මිලයට ගැනීමට පෙර, එම භූමිය පිහිටි ගම, හෝ නගරය තමුන්ට ආධ්‍යාත්මිකව කොතරම් ගැළපෙනවාද සුදුසු ද කියලා හොයලා බලනවා. ඒකෙ අරමුණ තමයි ආරක්‍ෂිත බව. තමන්ගේ අනාගතය අනාගත බලාපොරොත්තු සඵල වීම එයින් ලැබෙන මානසික සුවය නිදහස හා තමන්ට ගැළපෙන පලදෙන ගමක් හෝ නගරයක් තෝරා ගැනීම.

නාම ලග්නයට ගැළපෙන ආකාරයට ගමක් තෝරාගැනීම

මෙය සොයා ගැනීම සඳහා නාම ලග්නය හා එම ගම, නගරය පිහිටි ග්‍රාම ලග්නය සොයාගත යුතුව ඇත. තමන්ගේ පදිංචියට නිවසක් ඉදිකිරීමට ඉඩමක් මිලයට ගැනීමේදී තම පදිංචියට නිවසක් මිලයට ගැනීම හෝ පදිංචියට ඉඩමක් මිලයට ගැනීමට පෙර හා දැනට තමන් එම අරමුණ සඳහා මිලට ගත් භූමිය නැතිනම් දැනට පදිංචි නිවස පිහිටි ග්‍රාමය, නගරය තමාට ශුභ ද අශුභ ද කියා බලාගැනීමටත් මෙම නාම හා ග්‍රාම අකුරු ලග්න ප්‍රයෝජනවත් වේ. එමගින් තමන් අශුභ ප්‍රදේශයක පදිංචි වී ඇත්නම් ධන හානි, සතුරු පීඩා, කරදර, දුක් දොම්නස් මෙම ක්‍රමයෙන් සොයා ගැනීමට හැකි වනු ඇත. ඒ සඳහා අවශ්‍ය මෙතෙක් කිසිම පුවත්පතක පළ නොවූ, දිවයින පුවත්පතේ නැකත අතිරේකය මගින් මා ඔබට මෙම ක්‍රමයට අදාළ වන ලග්න හා අක්‍ෂර වගු ඉදිරිපත් කරමි.

නමට පලදෙන ග්‍රාමය වාස්තු විද්‍යාවෙන් පරික්‍ෂා කරගමු

ලග්න 12

  1. මේෂ – වෛරයි
  2. වෘෂභ – ශුභයි
  3. මිථුන – හානියි
  4. කටක – රෝගයි
  5. සිංහ – ශුභයි
  6. කන්‍යා – හානියි
  7. තුලා – වෛරයි
  8. වෘශ්චික – රෝගයි
  9. ධනු – ශුභයි
  10. මකර – ශුභයි
  11. කුම්භ – ශුභයි
  12. මීන – රෝග

උදාහරණයක් ලෙස ජයන්ත කුමාරට පුත්තලම නගරයේ නිවසක් තමන්ගේ අතේ තිබෙන මුදලට ලැබී ඇති අතර ඔහු ඉතා සතුටින් බලා සිටින්නේ එම නිවස මිලට ගෙන පුත්තලමේ පදිංචිවීමටයි. එසේනම් ජයන්තට පුත්තලමේ නිවස ලබාගැනීමට හා එහි පදිංචිවීම ශුභ ඵල දැයි අපි බලමු.

ජයන්ත කුමාරගේ නමේ මුල් අකුර වන ‘ජ’ අකුර පිහිටා තිබෙන්නේ 10 වගුවේ මකරයේ මුල් කොටස තුළයි. මීළඟට පුත්තලමේ නමට හිමි මුල් අක්‍ෂරය වන ‘පු’ අක්‍ෂරය පිහිටි වගුව බලමු. 6 වන රාශිය වන කන්‍යා රාශියේ ‘පු අකුර පවතී. මීළඟට කළ යුත්තේ

‘ජ’ අක්‍ෂරය හිමි මකර රාශියේ සිට මකරය ද සමගින් ‘පු’ අක්‍ෂරය පිහිටි කන්‍යා රාශියට ගැනගෙන යෑමයි.

  1. මකර 11. කුම්භ 12. මීන 1. මේෂ 2. වෘෂභ 3. මිථුන 4. කටක 5. සිංහ 6. කන්‍යා එවිට උත්තරය වන්නේ ම. කු. මී. …… 9 වේ.

ගතවූ ලග්න ගණන අනුව ප්‍රතිඵලය 9 වන අතර පිහිටි රාශිය ධනු වේ. මෙය ශුභ වේ. එසේ නම් ජයන්තට පුත්තලම නගරයේ නිවස මිලට ගැනීම ශුභදායකය.

තවත් උදාහරණයක් ගෙන බලමු.

දන්කොටුවේ පදිංචි නිල්මිණි කුමාරිට තමන්ගේ නිවස මෙයට වසරකට පමණ පෙරාතුව විදේශගතව පැමිණ ඉදිකර පදිංචි වුව ද එහි පදිංචියට පැමිණි දා සිට ලෙඩ දුක් ඉවරයක් නොමැත. අපි බලමු නිල්මිණිට මෙම නිවස ශුභ පල ද අශුභ පල ද කියා.

නිල්මිණි ‘නි’ පළමු අක්‍ෂරය 8 රාශියේ මුල පිහිටා තිබේ. දන්කොටුව නගරයේ පළමු අක්‍ෂරය ‘ද’ පිහිටා තිබෙන්නේ කුම්භ රාශිය (11) අවසානයේය. එවිට රාශි අනුව.

  1. වෘශ්චික 2. ධනු 3. මකර 4. කුම්භ යන රාශි ගැනගෙන යන විට උත්තරය 4 වේ.

මෙහිදී රාශි චක්‍රයේ 4 වශයෙන් පවතින්නේ කටක ලග්නය වන අතර එහි ප්‍රතිඵලය රෝග වේ.

කෙසේ හෝ මෙම නාම හා ග්‍රාම ලග්න වලින් අශුභගතව අංක පිහිටා පවතින විටදී එම දෝෂය නිදොස් කිරීම සඳහා පදිංචි වී සිටින නිවසක නම් නිවසේ ඉඩමේ නම වෙනස් කර විකල්ප නමක් යොදා, නාම ලග්නය හි නාම නක්ෂත්‍ර පාදයත්, ග්‍රාම ලග්න නක්ෂත්‍ර පාදයත් භාවිත කර දෝෂ නිදොස් කළ හැකිය. මීළඟ ලිපියෙන් නමේ සහ ගමේ අකුරු ප්‍රමාණය අනුව ශුභා ශුභ සොයා ගන්නා ආකාරය පැහැදිලි කරන්නම්.

නමට පලදෙන ග්‍රාමය වාස්තු විද්‍යාවෙන් පරික්‍ෂා කරගමු

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment