නමයට නමක් සොයයි

453

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් නියෝජනය කරන පක්‍ෂ එකමුතුව තම හවුල සඳහා නමක් තබන්නට නම් තෝරමින් සිටිති.ඊට අදාළව නම් කිහිපයක්ම ලැබී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.කලින් පක්‍ෂ 10ක් ව තිබූ එම එකමුතුව දැන් පක්‍ෂ 9ක් බවට පත්ව ඇති බව දේශපාලන එකමුතුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.ඊට හේතුවී ඇත්තේ ටිරාන් අලස් මහතා ඇමැති ධුරයක් ලබාගෙන (එක්සත් මහජන පක්‍ෂය) තිබීමය. ඒ අනුව එම 10 දැන් 9ක් වී ඇත. ඊට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්‍ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජාතික කොංග්‍රසය, විජය ධරණි ජාතික සභාව, යුතුකම ජාතික සංවිධානය ඇතුළත් වෙයි.

අරුණ බෝගහවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment