නම් කරන ලද පුද්ගලයන් සහ සංවිධාන තහනම් කිරීමෙන් උද්ගතවන ගැටලු

245

නම් කරන ලද පුද්ගලයන් සහ සංවිධාන ලැයිස්තුව 2015
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 2253 යෝජනාව
උල්ලංඝනය කරයි!

“2009 යුද්ධය අවසන් වූ නිසාත් නැවත සටන් කිරීමට අවශ්‍ය නොවන නිසාත් දීර්ඝ කාලයක් තිස්සේ පැවති ජනවාර්ගික කණ්ඩායම් අතර ගැටලු නිරාකරණය කිරීමට අවශ්‍යයි” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා පැවති “විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ වාර්ෂික සමුළුවේදී කළ ප්‍රකාශය පිළිගන්නා අතරම පැවසීමට ඇත්තේ, ජාතික ආරක්ෂාවට මුවා වී සුළුතර ප්‍රජා ආයතන සහ පුද්ගලයන් කොන් කිරීමේ පිළිගත නොහැකි සහ අනවසර ක්‍රියා පටිපාටිවලට ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය ඉඩ නොතැබිය යුතු බවයි. නීති විරෝධී ලෙස අනුගමනය කරන ඇතැම් ක්‍රියාමාර්ග රට තුළ රැඩිකල්කරණය වැඩි දියුණු කර ගැටුම්වලට හේතු වනු ඇතැයි අපි බිය වෙමු.

‘සියලු ආගමික කණ්ඩායම්වල ශාපය’ යැයි ඇතැමුන් විසින් ආරෝපණය කරන ලද රට මුහුණ දෙන දරුණු ආර්ථික අර්බුදයට මේ මොහොතේ හදිසි අවශ්‍යතාව වන්නේ සියලු ජන කොටස්වල එකමුතුකම මෙන්ම සියලු රටවල ආර්ථික සහයෝගයයි!

එහෙත් විදේශ අමාත්‍යාංශය සිය නිසි බලධාරියා හරහා 2022 අගෝස්තු 1 වැනි දින ලැයිස්තුගත කිරීමේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (SC) 1999 වසරේ 1267 යෝජනා සහ 2015 වසරේ 2253 යෝජනාව ඇතුළු ඊට අදාළ පසුකාලීන ආරක්ෂක කවුන්සිල යෝජනා අටක් වැරදි ලෙස භාවිත කරන්නේ ඇයි?

ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවල පැහැදිලි අරමුණ වූයේ මුලින් එවකට තලේබාන් සහ පසුව අල් කයිඩා සහ ඉරාක් සහ ලෙවන්ට් ඉස්ලාමීය රාජ්‍යය (ISIL) වැනි ත්‍රස්තවාදී ආයතනවලට අරමුදල් සැපයීම පාලනය කිරීමයි. කිසියම් විදේශීය ත්‍රස්තවාදී ආයතනයකට අරමුදල් සැපයූ බවට හෝ අල් කයිඩා හෝ ඉරාක් සහ ලෙවන්ට් ඉස්ලාමීය රාජ්‍යයේ සහචරයින් බවට ශ්‍රී ලංකා සංවිධාන 06 සහ ශ්‍රී ලාංකිකයන් 156ට චෝදනා එල්ල වන්නේ කෙසේද?

ආරක්ෂක කවුන්සිලය විසින් මුලින් විසඳන ලද මෙම ත්‍රස්තවාදී ආයතන පැවැත්ම නතර වී ඇති පසුබිම තුළ, මෙම කිසිදු ශ්‍රී ලාංකික ආයතනයක් හෝ පුද්ගලයන් කිසියම් අවස්ථාවක තලේබාන්, අල් කයිඩා හෝ ඉරාක් සහ ලෙවන්ට් ඉස්ලාමීය රාජ්‍යය වෙත අරමුදල් සපයා ඇති බවට විදේශ අමාත්‍යාංශය සතුව සාක්ෂි තිබේද?

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2015 වසරේ 2253 යෝජනාව මගින් යෝජනාවේ ඉලක්ක කණ්ඩායම පැහැදිලිව හඳුනාගෙන ඇත. ඉරාක් සහ ලෙවන්ට් ඉස්ලාමීය රාජ්‍යය (ISIL) සහ අල් කයිඩා සහ ආශ්‍රිත පුද්ගලයන්, කණ්ඩායම්, ව්‍යාපාර සහ ආයතන’ ලෙස 2 වගන්තියේ සහ ලැයිස්තුගත කිරීමේ නිර්ණායක 3 කොටසෙහි දක්වා ඇත. ශ්‍රී ලංකාවේ මුස්ලිම් සංවිධාන 06 සහ පුද්ගලයන් 156 ඉරාක් සහ ලෙවන්ට් සහ ඉස්ලාමීය රාජ්‍යය (ISIL) සහ අල් කයිඩා ත්‍රස්තවාදී සංවිධානවලට අනුබද්ධ බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ ස්ථාවරයද? ජාත්‍යන්තර ප්‍රජාවේ පුද්ගලයන්, රටවල් විසින් සම්බාධක සහ හානි හිමිකම් ඇතුළු ක්‍රියා සඳහා ශ්‍රී ලංකාව වැරදි ලෙස භාවිතා කිරීමට මෙය හේතු විය හැකිද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න 2019/04/21 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ ඉරාක් සහ ලෙවන්ට් ඉස්ලාමීය රාජ්‍යය (ISIL) හෝ අල්කයිඩා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවට සාක්ෂි ලබා දුන්නේය. විදේශ ත්‍රස්තවාදී සංවිධාන සමඟ එවැනි සබඳතා පවත්වන බවට විදෙස් මාධ්‍ය විසින් එල්ල කරන චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය විසින් අවස්ථා ගණනාවකදීම ප්‍රතික්ෂේප කර ඇත. කතෝලික පල්ලිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ISIS සංවිධානයට වගකීම පැවරීමට උත්සාහ කරන කොටස් නැවත නැවතත් පෙන්වා දී ඇත. මෙම උත්සාහය නොපවතින සබැඳියක් පෙන්වීමටය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 41 වැනි වගන්තිය යටතේ යැයි කියනු ලබන 2022 අගෝස්තු 1 වැනි දින නම් කරන ලද පුද්ගලයන්ගේ ලැයිස්තුගත කිරීම වලංගු නොවන අතර හේතු කිහිපයක් නිසා නීතියේ කිසිදු බලයක් නොමැත. 41 වැනි වගන්තිය යටතේ එක්සත් ජාතීන්ගේ අරමුණ වන්නේ රටවල් අතර යුද්ධ සහ ගැටුම් වැළැක්වීම විනා ඉරාක් සහ ලෙවන්ට් ඉස්ලාමීය රාජ්‍යය (ISIL) හෝ අල්කයිඩා සමඟ සම්බන්ධ නොවූ පුද්ගලයන් සහ සංවිධානවලට හිරිහැර කිරීම, අවමන් කිරීම හෝ බිය ඇති කිරීම නොවේ. මෙය අංක 2 ඡේදයේ සහ 2015 වසරේ 2253 ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවේ 3 වැනි ඡේදයේ ලැයිස්තුගත කිරීමේ නිර්ණායකයේ ද අර්ථ දක්වා ඇත. ඉරාක් සහ ලෙවන්ට් ඉස්ලාමීය රාජ්‍යය (ISIL) සහ අල්කයිඩා ඉස්ලාම් විරෝධී ආයතන දෙක මැරී වැළලී ඇති නිසා මෙය පසුව අලුත් කර නැත.

මීට අමතරව, ගැසට් කරන ලද රෙගුලාසිවල විධිවිධාන කිහිපයක් ජාත්‍යන්තර නීති, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ 2015 ආරක්ෂක මණ්ඩල යෝජනාව 2253 උල්ලංඝනය කරයි. මුස්ලිම් සංවිධාන සහ පුද්ගලයන්ගේ ලැයිස්තුගත කිරීම් කඩිනමින් සමාලෝචනය කර අවලංගු නොකළහොත් හේග්හි ජාත්‍යන්තර අධිකරණයේ, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහ කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ මේවා ප්‍රශ්න බවට පත්විය හැකිය.

නම් කරන ලද පුද්ගලයන් සහ සංවිධාන තහනම් කිරීමෙන් උද්ගතවන ගැටලු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
ජනාධිපති නීතිඥ
එම්. එම්. සුහයිර්

advertistmentadvertistment
advertistmentadvertistment