නයිජිරියාවේ කතෝලික පල්ලියකට එල්ලවූ ප්‍රහාරයේදී පූජකතුමාත් පැහැරගනී

255

පොලිසිය පැමිණියේ  සහාසිකයන් පැන ගියාට පසුයි

නයිජියාවේ ඔනෝ නගරයේ පිහිටි ශුද්ධ වූ ප්‍රැන්සිස් මුනිඳුන්ගේ දෙව්මැඳුරට කඩා වැදුණු අවිගත් පිරිසක් සිදු කළ වෙඩි තැබීමෙන් 50කට අධික පිරිසක් ඝාතනය වී ඇත.

මියගිය පිරිසගෙන් වැඩි දෙනා ළමුන් වේ.

උදේ වරවේ පැවැති දේව මෙහෙයේදී මෙය සිදු වී ඇත. දෙව්මැඳුරේ ප්‍රධාන පූජකතුමා ද අවිගත් පිරිස පැහැරගෙන ඇත.

මෙය බිහිසුණු අපරාධයක් බව නයිජිරියානු ජනපති මොහමඩ් බුහාරි පැවසීය. මෙතෙක් මෙම ඝාතනය සිදුකළ කණ්ඩායම හෙළි වී නැත.

සාමකාමී නගරයක් වූ ඔනෝ නගරයට අවිගත් පිරිස කඩා වදින තුරු පොලිසිය කුමක් කළේ ද යන බරපතළ ප්‍රශ්නයක් පැන නැඟී ඇත. සිදුවීමෙන් සෑහෙන වේලාවකට පසු පොලිසිය පැමිණ තිබේ. මේ අතර නිල නොවන ආරංචි මාර්ග පැවසුවේ අයිසිස් සංවිධානය මෙම ප්‍රහාරයට සම්බන්ධ බවයි. නයිජිරියාව තුළ බෝකෝ හාරම් ත්‍රස්ත සංවිධානය ද ක්‍රියාත්මක වේ. එම සංවිධානය පැවසුවේ තමන් ඊට සම්බන්ධ නැති බවය.

මේ පසුබිම මැද නිල නොවන ආරංචි මාර්ග පැවසුවේ මියගිය සංඛ්‍යාව 50ට වඩා වැඩි බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment