නයිජීරියාවෙන් තෙල් ගෙන්වීම කිසිසේත් සුදුසු නෑ – චන්දිම වීරක්කොඩි

319

නයිජීරියාව වැනි රටකින් තෙල් ආනයනය කිරීමට රජය ගත් තීරණය කිසිසේත් සුදුසු නැති බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි මහතා ‘දිවයින’ට පැවසීය.

තමා ඛනිජ තෙල් ඇමැතිව සිටි කාලයේදීත් මෙරට නයිජීරියානු තානාපතිවරයා ඔවුන්ගෙන් තෙල් ලබා ගන්නා ලෙස ඉල්ලීමක් කළ බව කී මන්තී‍්‍රවරයා ඒ පිළිබඳව සොයා බැලීමට නයිජීරියාවට ගිය බවත් එවැනි ගනුදෙනුවක් කිරීමට තරම් නයිජීරියාව හොඳ රටක් නොවන බව එහිදී තමාට පෙනී ගිය බවත් කීවේය.

නයිජීරියාවෙන් තෙල් ගෙන්වීම කිසිසේත් සුදුසු නෑ - චන්දිම වීරක්කොඩි

එහෙත් වත්මන් ආණ්ඩුව එරට බැංකු ක‍්‍රමය සහ ඒ සඳහා සිදුවන ගනුදෙනු පිළිබඳව ඉක්මනින්ම විශ්වාසය තබා තෙල් ආනයනය කිරීමට තීරණය කළේ කුමන පදනමකින් දැයි යන්න ගැටලූ සහගත බව ද මන්තී‍්‍රවරයා සඳහන් කළේය.

එවැනි තත්ත්වයක් තුළ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුව තිබියදී ලංකාවේ තෙල් මිල වැඩි කළේ පරිභෝජනය අඩු කිරීමට බව පැවසීම කිසිම පදනමක් නොමැති බව කී චන්දිම වීරක්කොඩි මන්තී‍්‍රවරයා ලෝක වෙළෙඳපොළේ තෙල් මිලයි මෙරට ආර්ථිකයයි ඇදගෙන ප‍්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි බව ද කීවේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment