නයිජීරියාවේ කතෝලික පල්ලියකට ත්‍රස්ත ප්‍රහාරයක් 50 කට අධික පිරිසක් මරුට

145

නයිජීරියාවේ කතෝලික පල්ලියකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් බැතිමතුන් 50 කට අධික පිරිසක් ඝාතනය වී ඇත. නයිජීරියාවේ නිරිත දිග පිහිටි ඔන්ඩෝ ශාන්ත ෆ්‍රැන්සිස් කතෝලික පල්ලියට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

පසුගිය ඉදිරිදා (05දා) යතුරු පැදි වලින් පල්ලියට කඩා වැදුණු අවිගත් ත්‍රස්තයන් ඉවක් බවක් නැතිව බැතිමතුන්ට වෙඩි තබා ඇති අතර ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර පල්ලියට පැමිණි දරුවන්ද වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. වෙඩි තැබීමට අමතරව පල්ලියේ පිපිරීම් කිහිපයක්ද සිදුව තිබේ. වතිකානුවද මෙම ප්‍රහාරය හෙළා දකින්නේ යැයි නිවේදනයක් නිකුත් කර ඇත. මෙම කතෝලික පල්ලියේ සිටි බිෂොප්වරයා සහ පූජකවරුන් දිවි ගලවාගෙන ඇත. නයිජීරියානු ජනපති මොහොමඩ් බුහාරි මේ ප්‍රහාරය ඉතා දරුණු අපරාධයක් බව පවසමින් හෙළා දැක ඇත.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment