නයි අල්ලා මුදා හරින සත්ත්වවේදියා නයකුට බිලි

1165

අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවෙස් ආශ්‍රිතව ගැවසෙන, නයි පොළඟුන් ආදී විෂ සහිත සර්පයන් නිරුපද්‍රිතව අල්ලා සත්ත්ව අභය භූමි වෙත නිදහස් කිරීමේ පුණ්‍ය කර්මයක යෙදී සිටි 29 හැවිරිදි තරුණ සත්ත්වවේදියකුට 07 දා නාගයකු දෂ්ට කිරීම නිසා මියගොස් ඇත.

ගුස්තින්නා වඩු අනුරාධ නමැති මෙම තරුණයා ඒ වනවිට නාගයන් දහසකට වැඩි පිරිසක් නිවෙස් ආශ්‍රිතව ගැවසෙමින් සිටිය දී ආරක්ෂිතව අල්ලාගෙන ගොස් සත්ත්ව අභය භූමි වෙත නිදහස් කර ඇත. එසේ අල්ලා ගන්නා නාගයින් ඇතුළු විස කුරු සර්පයන් විවිධ පුද්ගලයන්ගේ හිංසා හේතුවෙන් තුවාල වූ අවස්ථාවල දී එම සර්පයන්ට ප්‍රතිකාර කිරීමට ද ඉදිරිපත්වූ මෙම තරුණයා 07 දා අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී නිවසකට පැමිණි නාගයකු ඇල්ලීමට ගිය අවස්ථාවේ දී මෙසේ නාගයාගේ දෂ්ට කිරීමකට ලක්ව මියගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment