නරක වෙලාවට නැති ප්‍රශ්න ඇති වෙනවා… පොලිස් නිලධාරීනියන්ගේ බෙල්ලෙන් ඇල්ලූ CI දිවයිනට කියයි

1210

මිනිසකුගේ නරක වෙලාවක් ආවොත් නැති ප්‍රශ්නත් ඇති වෙනවා යැයි උද්ඝෝෂණයක් සිදුවෙන මොහොතේ පොලිස් කාන්තාවකගේ බෙල්ලෙන් අල්ලා ඇය ඉදිරියට තල්ලු කිරීමේ සිද්ධියෙන් ආන්දෝලනයට පත් පානදුර දකුණු පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චමින්ද්‍ර පිංතු මහතා ‘දිවයින’ට පැවසීය.

ඔහු මෙසේද දැක්විය.

මෙම සිද්ධිය පිළිබඳව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයත්, මානව හිමිකම් නියෝජිතයෝත් මගෙන් කරුණු සටහන් කර ගත්තා.

දැනට මේ පිළිබඳව සිදුකරන විමර්ශන සහ පරීක්‍ෂණ කටයුතු නිසා ඉන් එහා වැඩි යමක් කිව යුතු නැහැ.

එහෙත් මෙම සිද්ධියට ලක්වූ පොලිස් කාන්තාවන් දෙදෙනාම ඒ පිළිබඳව පරීක්‍ෂණ අවශ්‍ය නැති බව කියූ බව මාධ්‍ය මගින් දැනගත්තා.

මෙම සිද්ධිය පිළිබඳව කිව යුත්තේ නරක වෙලාවක් ආවොත් නැති ප්‍රශ්න ඇතිවෙන එකයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment