නර්තන ශිල්පිණියගේ මරණය ගැන පුළුල් පරීක්ෂණ

1260


මහරගම පමුණුව දුම්රිය පොළ මාවතේ නිවාස සංකීර්ණයක පදිංචිව සිටියදී ගෙල වැලලාගෙන මිය ගිය බවට සැකකරන නර්තන ශිල්පිණියගේ මරණය පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇතැයි මහරගම පොලිසිය පවසයි.ඉවන්තිකා කුමාරි නැමැති 28 හැවිරිදි මෙම කාන්තාව අඹගස්වැව හිරියාල තරණගොල්ලහි පදිංචිකාරියකි.දික්කසාදවී සිටින ඇය මීට වසර 05කට පමණ පෙර කොළඹට පැමිණ විවිධ රැුකියාවන්හි නිරතව ඇත.දැනට මාස 10ක පමණ කාලයක සිට ඇය නිකවැරටිය මිල්ලගොඩ ප‍්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙක් සමග අනියම් ඇසුරක් පවත්වා ඇතැයිද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment