නරායින් නයිට් රයිඩර්ස් දිනවයි

178

සුනිල් නරායින්ගේ තුන් ඉරියව් දක්ෂතා මත කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලූ 3 ක ජයග‍්‍රහණයක් පෙරේදා (28 දා* වාර්තා කළේය.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප‍්‍රථමයෙන් පන්දුවට පහර දී කඩුලූ 9 ක් දැවී ලකුණු 127 ක් ලබාගත් අතර කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලූ 7 ක් දැවී එම ඉලක්කය පසුකර යෑමට සමත් විය.

සිය පන්දුවාර 04 තුළ ප‍්‍රතිවාදීන්ට ලකුණු 18 ක් පමණක් ලබාදුන් සුනිල් නරායින් එහිදී කඩුලූ 2 ක් දවාගත් අතර පිතිහරඹයේදී පන්දු 10 ක් තුළ හයේ පහර දෙකක් ද සහිතව ලකුණු 21 ක් ලබා ගත්තේය.

සුනිල් නරායින් තරගයේ වීරයා බවට ද පත් වූවේය.

ලකුණු සරාංශය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම 127-9

කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම 130-7

advertistmentadvertistment
advertistmentadvertistment