නවක වධය කරට ගත් යාපනය සරසවි සිසුන් 16කගේ පන්ති තහනම්

107

අමානුෂීය ලෙස නවක වධය ලබා දීම හා වෙනත් විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා යාපනය විශ්වවිද්‍යාල සිසුන් 16 දෙනකුගේ පන්ති තහනම් කර තිබේ.

අමානුෂීය ලෙස නවක වධය දීමේ සිද්ධියක් මත තවත් සිසුන් 6 දෙනකු සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලය පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර ඔවුන් ද එම ක්‍රියාවට වරදකරුවන් වුවහොත් ඔවුන්ගේ ද පන්ති තහනම් කරන බව යාපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය සඳහන් කරයි. පන්ති තහනමට ලක් වූ සිසුන්ගෙන් 8දෙනකුට පමණක් වසර එක බැගින් පන්ති තහනම් කර ඇති අතර අනෙක් සිසුන් 8 දෙනාට වසරකට වඩා වැඩි කාලයක් පන්ති තහනම් කර තිබේ. පන්ති තහනමට ලක් වූ සිසුන්ගෙන් 12 දෙනකුට යාපනය විශ්වවිද්‍යාල භූමියම තහනම් කලාපයක් ලෙස නම් කර තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment