නවතම කාගිල්ස් බැංකු ශාඛාවක් ඓතිහාසික අනුරාධපුරවරයේදී විවෘත කෙරේ

62
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජේ. එම්. ජී. කේ. ජනක ජයසුන්දර මහතා විසින් නව බැංකු ශාඛාව විවෘත කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

මිහින්තලේ – රංග චතූ

ගනුදෙනුකරුවන් වෙත වඩාත් නව්‍යකරණ බැංකු සේවාවක් ලබා දීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කිරීමේ පියවරක් සනිටුහන් කරමින් 23 වැනි කාගිල්ස් බැංකු ශාඛාව ඉකුත්දා ඓතිහාසික අනුරාධපුර නගරයේදී විවෘත කෙරිණි.

නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ කාගිල්ස් බැංකුවේ අනුරාධපුර ශාඛාව අංක 249/ඊ, රෙක්ස් ගොඩනැගිල්ල, අනුරාධපුර ලිපිනයේ පිහිටා තිබේ. අනුරාධපුර නගරය සහ අවට ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන ගනුදෙනුකරුවන්ගේ සමාජ, ආර්ථික වශයෙන් බලගැන් වීම සඳහා මූල්‍ය පහසුකම් සමගින් බැංකු සේවාවන් රැසක් ලබා දීම කාගිල්ස් නව ශාඛාවේ අරමුණ වේ. එමෙන්ම අන්තර්ජාල බැංකු පහසුකම් ඇතුළු සුවිශේෂී පහසුකම් රාශියක් ලබා ගැනීමේ හැකියාවද කාගීල්ස් බැංකුව මගින් තම ගනුදෙනුකරුවන්ට උදා කරදී තිබේ.

ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම්, ආයෝජන සැලසුම්, නිවාස හා පෞද්ගලික ණය, අධ්‍යාපන ණය, වැනි මූල්‍ය පහසුකම් රැසක් මෙන්ම සුවිශේෂී ණය පහසුකම් ද මෙම ශාඛාව මගින් ලබා ගත හැකිවේ. මෙම ශාඛා විවෘත කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජේ. එම්. ජී. කේ. ජනක ජයසුන්දර මහතා සහභාගි වී සිටි සිටි අතර ඒ සඳහා මහ බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු එම්. අනුර මහතා, කාගීල්ස් බැංකු සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සෙනරත් බණ්ඩාර මහතා, එම සමූහයේ සහකාර සාමාන්‍යාධිකාරී චන්ද්‍රදාස අමරසිංහ ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment