නවතම පොලී අනුපාතික මහ බැංකුව අද කියයි

267

ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ (2023) නවතම මුදල් ප්‍රතිපත්ති විවරණය අද (25දා) පෙරවරුවේ දැනුම් දීමට නියමිතව ඇති අතර එහිදී මහ බැංකුවේ පොලී අනුපාතික පිළිබඳ නවතම තීරණය ද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එම පොලී අනුපාත පවතින මට්ටමේම පවත්වාගෙන යනවා ද එසේ නැතිනම් වෙනසක් කරනවාද යන්න පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ තීරණය මේ අනුව අද දැනුම් දෙනු ඇත.

මුදල් ප්‍රතිපත්තියට අයත් ප්‍රධාන පොලී අනුපාත වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 14.50 මට්ටමේ ද, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 15.50 මට්ටමේ සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිය සියයට 4.00 මට්ටමේ ද මේ වන විට පවතී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment