නවතම විශේෂාංග රැසක් සමගින් SLT-MOBITEL 2021/22 ජාතික ව්‍යාපාර නාමාවලිය එළි දැක්වීමට නියමිතයි

150

SLT-MOBITEL ජාතික ව්‍යාපාර නාමාවලියේ (Rainbow Pages& නවතම සංස්කරණය පසුගියදා නව පෙනුමක් සමඟ, ඩිජිටල් හා මුද්‍රිත ක‍්‍රමවලින් නිකුත් කිරීමට තීරණය විය. නව සංස්කරණය තුළ ඉතා ප‍්‍රයෝජනවත් ඩිජිටල් මෙවලම් රැුසක් අඩංගු වන අතර, ඊට අමතරව කොවිඞ්-19 රෝග ව්‍යාප්තිය හමුවේ දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා සිටින ව්‍යාපාරික ප‍්‍රජාවට අත්වැලක් සපයන විශේෂාංග රැුසක්ද ඊට ඇතුළත් වී ඇත.

SLT-MOBITEL ජාතික ව්‍යාපාර නාමාවලිය මෙරට ඇති එකම ව්‍යාපාර නාමාවලිය වීම ද විශේෂත්වයකි. එමෙන්ම එය පරිශීලකයන්ට හා ව්‍යාපාරවලට, පිළිගත් දේශීය හා විදේශීය නිෂ්පාදකයන් හා සැපයුම්කරුවන් අතර සබඳතා ගොඩනංවන වඩාත්ම විශ්වාසනීය ව්‍යාපාරික නාමාවලිය ලෙස ද ඇගයීමට ලක්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment