නවතා තිබූ ටිපර් රථයේ පසුපස ලොරිය ගැටී රිය සහායක මරුට

321

රත්මලානේ සිට පදියතලාව දක්වා භාණ්ඩ ප‍්‍රවාහනය කරමින් තිබූ විශාල ප‍්‍රමාණයේ ලොරි රථයක් ඊයේ (21 දා) අළුයම 04:45 ට පමණ මහියංගණ, දඹාන මංසන්ධියේ දී නවතා තිබූ වැලි පැටවූ ටිපර් රථයක ගැටී ලොරි රථයේ රිය සහායකයා මියගොස් ඇති බවට මහියංගණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල, ගලහේන ප‍්‍රදේශයේ පදිංචි නිපුන දේශප‍්‍රිය නමැති පුද්ගලයෙකි.

රිය අනතුරින් වැලි ටිපර් රථයේ රියැදුරු සහ පිටුපසින් පැමිණි රථයේ රියැදුරු ද බරපතළ තුවාල ලබා ප‍්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මහියංගණ පොලිස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඩබ්ලිව්. සී. රොහාන් විජේරත්න මහතා යටතේ රථවාහන අංශයේ නිලධාරීන් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

මහියංගණය – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment