නවපළකට පිහියෙන් ඇන කන්තලේ පේරමඩුවේ 15 හැවිරිදි සිසුවිය මරලා

419

පිහි ඇනුමකට ලක්ව තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර සිටි 15 හැවිරිදි සිසුවියක වැඩිදුර ප‍්‍රතිකාර ස`දහා කෑගල්ල රෝහලටත් ඉන් දඹුල්ල රෝහල කරා රැුගෙන යන අතරතුර මරුමුවට පත්ව ඇතැයි අග්බෝපුර පොලිසිය පවසයි.

මෙම සිසුවියගේ ශරීරයේ 9 පළකට පිහි ප‍්‍රහාර එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

නවපළකට පිහියෙන් ඇන කන්තලේ පේරමඩුවේ 15 හැවිරිදි සිසුවිය මරලා

මෙම පිහි ප‍්‍රහාර එල්ල කළ 17 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන කන්තලේ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 09 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කන්තලේ අග්බෝපුර පේරමඩුව ගම්මානයේ පදිංචිව සිටි නවරත්න පතිරණලාගේ කාව්‍යා පතිරණ නමැති පාසල් සිසුවියකි.

ඇයට මෙම පිහි ප‍්‍රහාරය එල්ල වී තිබුණේ පසුගිය 01 වැනිදා කන්තලේ අග්බෝපුර පේරමඩුව ප‍්‍රදේශයේදීය. පේ‍්‍රම සම්බන්ධයක් මෙම පිහි ප‍්‍රහාරයට හේතුවී ඇතැයි පොලිසිය කියයි.

පිහි ඇනුමට ලක්ව මුලින්ම මෙම සිසුවිය කන්තලේ රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර එහිදී ඇයට ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් පසු ඇයව සාමාන්‍ය වාට්ටුවකට යොමුකර තිබේ. කෙසේ වෙතත් පසුව ඇයව කෑගල්ල රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් බලධාරීහු පියවර ගෙන තිබේ.

කෑගල්ල රෝහලට රැුගෙන ගිය සිසුවිය එම රෝහලින් දඹුල්ල රෝහලට මාරු කර යැවීමට පියවර ගෙන ඇත. එලෙස ඇයව දඹුල්ල රෝහල කරා රැුගෙන යන අතරතුර මියගොස් ඇතැයි අග්බෝපුර පොලිසියේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවැසීය.

මේ අතර, ඝාතනයට ලක්වූ සිසුවිය සම්බන්ධයෙන් සිදුකළ කොවිඞ් පරීක්‍ෂණවලදී පොසිටිව් බව හෙළිවී ඇතැයිද හෙතෙම කීය.

මියගිය දැරියගේ සහෝදරියක මෙසේ පැවසුවාය.

‘‘කන්තලේ ඉන්නකොට නංගි ස`දහා කරපු පරීක්‍ෂණය නෙගටිව් කිව්වා. දැන් පරීක්‍ෂණවලින් කියනවා පොසිටිව් කියලා. නංගි පොසිටිව් නිසා දේහය දෙන්න බැහැලූ. නංගිගේ දේහය පිච්චුවාට පස්සේ කොහොමද පරීක්‍ෂණ කරන්නේ. අපි දැන් අසරණ වෙලයි ඉන්නේ.’’

අප මේ පිළිබ`දව කන්තලේ රෝහලේ බලධාරියකුගෙන් විමසූ විට කියා සිටියේ සිසුවිය වාට්ටුවේ සිටියදී අසාධ්‍ය වූ බැවින් ඇයව දැඩි සත්කාර ඒකකයක් ස`දහා යොමු කළ යුතුව තිබූ අතර, ආසන්න කිසිදු රෝහලක ඉඩක් නොතිබූ බැවින් ඇයව කෑගල්ල මහ රෝහල කරා මාරුකර යැවීමට පියවරගත් බවයි.

මේ පිළිබදව අග්බෝපුර පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක බී. ඒ. ජී. බී. දහම්පත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චන්දන මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක හේරත් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, කන්තලේ – ඩබ්. එම්. වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment